,

ළමා ලිංගික අපයෝජන : අන්තර්ජාලය හා නීතිය

රු1,250.00

  • Author – එච්. ඩී. ඊ ගුණසේකර
  • Publisher – Godage Publishers
  • First Edition 2020
  • ISBN 978-624-00-0121-2
  • 439 Pages

Out of stock

Author – එච්. ඩී. ඊ ගුණසේකර

Publisher – Godage Publishers

First Edition 2020

ISBN 978-624-00-0121-2

439 Pages

 

මේ ග්‍රන්ථයේ කතුවර එච්. ඩී. ඊ. ගුණසේකර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව (BA) උපාධියත්, දර්ශනපති (M.Phil) උපාධියත් හැදෑරූ පර්යේෂකයෙකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තොරතුරු හා මාධ්‍ය නිලධාරි ලෙස වසර 06ක කාලයක් කටයුතු කළ ඔහු සිව්  වසරක කාලයක් සියත රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු හා නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇත. 2007 යෞවන සම්මාන උළෙලේදී නිවේදක අංශයේ සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කර ගත් එච්. ඩී. ඊ. ගුණසේකර එම වර්ෂයේදීම ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ “තුරුණු ශක්තියේ නැවුම් පෙළහර, තුරුණු තරු තරගාවලියේ නිවේදක අංශයේ සමස්ත ලංකා 2වන ස්ථානයත්, කැලණිය විශ්වවිද්‍යාලයේ “මංජුසාව තරගාවලියේ හොඳම නිවේදකයා සම්මානයත් හිමිකර ගත්තේ ය. ඔහු දැනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරක තනතුරේ කටයුතු කරයි.”

මෙම ග්‍රන්ථය තුළ ළමා ලිංගික අපයෝජන පිළිබඳ ගෙන යන ගැඹුරු සාකච්ඡාවට පමණක් සීමා නොවී, ඊට නූතන හා පශ්චාත් නූතන මාධ්‍යයන්ගේ දායකත්වය හා බලපෑම විශ්ලේෂණය කිරීමට මෙහි කතුවරයා වන එච්. ඩී. ඊ. ගුණසේකර පර්යේෂකයාගේ අවධානය යොමුව ඇත. සිංහල භාෂාවෙන් මෙම මාතෘකාව යටතේ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති රචනා වී නැති තරම්ය. එම නිසා මෙම ග්‍රන්ථය මෙම ක්ෂේත්‍රය සඳහා පුරෝගාමී කෘතියක් හා ඉදිරි පර්යේෂකයන් සඳහා අලුත් ඉසව් විවෘත කරන මූලික කෘතියක් ලෙස සැලකේ.

ආචාර්ය ටියුඩර් වීරසිංහ, හිටපු මණ්ඩාපාධිපති, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය

 

#LamaLingikaApayojanaAntharjalayaHaNeethiya #HDEGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.596 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ළමා ලිංගික අපයෝජන : අන්තර්ජාලය හා නීතිය”

Your email address will not be published. Required fields are marked *