Sale!
, ,

සිංහල කෙටිකතා අධ්‍යයනය

Original price was: රු430.00.Current price is: රු387.00.

  • Author: සරත් විජේසූරිය
  • Publisher: Wijesooriya Publishers
  • First Edition 2006
  • ISBN 978-955-652-308-9
  • 328 Pages

Availability: 2 in stock

Author: සරත් විජේසූරිය

Publisher: Wijesooriya Publishers

First Edition 2006

ISBN 978-955-652-308-9

328 Pages

 

සිංහල කෙටිකතා කලාව හදාරන විද්‍යාර්ථීන්ගේ හා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා මේ කෘතිය සම්පාදනය කර ඇත.

නූතන සාහිත්‍යාංග අතර  කෙටිකතාව පාඨකයන්ගේ මෙන්ම විචාරකයන්ගෙන් අඩු අවධානයට ලක් වී තිබෙන බව සත්‍යයකි.

යථාර්ථවාදී කෙටිකතා සම්ප්‍රදාය මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. එපමණක් නොව කෙටිකතා නිර්මාණය හා විචාරය සම්බන්ධ ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කර තිබේ. ඉක්බිතිව කෙටිකතා ක්ෂේත්‍රයෙහි ප්‍රධාන තැනක් හිමි වන්නේ ජී බී සේනානායක- ගුණදාස අමරසේකර- කේ ජයතිලක යන රචකයන්ටය.  සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන කෙටිකතා නිර්මාණයෙහිලා නව ප්‍රවනතා  සලකුණු කර ඇත. හැත්තෑව දශකයේ දී ජනතාවාදී නැඹුරුව කෙටි කතාවට ද බලපෑම් කර ඇත. අද වන විට කෙටි කතා කෂේත්‍රයෙහි නමක් දිනාගෙන සිටින රචකයන් මේ සාහිත්‍යාංගය සැලකිය යුතු මට්ටමකින් පෝෂණය කර තිබේ. විශේෂයෙන්ම රංජිත් ධර්මකීර්ති, ජයතිලක කම්මැල්ලවීර, එරික් ඉලයප්පආරච්චි ඇතුළු කැපී පෙනෙන රචකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් කෙටිකතා සාහිත්‍යයෙහි වර්ධනයට දායක වී ඇත.

අලුතින් කෙටිකතා ලියන පරපුර සාහිත්‍ය අංගයක් හැටියට කෙටිකතාව සම්බන්ධව හොඳ අවබෝධයක් විදහා දක්වනු පෙනේ.   ඒ නිසා කෙටිකතා අධ්‍යයනය හොඳ අවධානයකින් හා සැලකිල්ලකින් සිදුකිරීමට කෙටිකතා උගන්වන ගුරුභවතුන්ට උනන්දුවීම වැදගත්ය. මේ කෘතියෙන් ඒ සඳහා මඟ පෙන්වීමක් කර තිබේ.

 

#SinhalaKetikathaAdyayanaya #SarathWijesooriya #SinhalaPoth #OnlineBooks

WhatsApp us