,

ව්‍යවසායකත්වය සහ කුඩා ව්‍යාපාර කළමනාකරණය

රු400.00

  • Author – බී. නිශාන්ත
  • Publisher – Godage Publishers
  • First Edition 2019
  • ISBN 978-955-30-9953-2
  • 176 Pages

Out of stock

Author – බී. නිශාන්ත

Publisher – Godage Publishers

First Edition 2019

ISBN 978-955-30-9953-2

176 Pages

 

කළුතර කොහොලාන විද්‍යාලයේත් , කඵතර ඥානෝදය මහා විද්‍යාලයේත් සිප්සතර හදාරා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයට ඇතුළත් වූ බී.නිශාන්ත මහතා 2000 වර්ෂයේ දී වාණිජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව සමත්විය. ඔහු සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ සී/ස සැම්සන් සිල්වා සමාගමේ සහකාර ගණකාධිකාරීවරයෙකු වශයෙනි. පසුව 2002 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුණු අතර දැනට එහි කළමනාකරණ හා සංවිධාන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි.  කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිධාරියකුද වන කතුවරයා ව්‍යවසායකත්වය පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකුද වේ.

කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික උදාහරණ සමග ගළපමින් පාඨකයාට පහසුවෙන් තේරුම්ගත හැකිවන පරිදි පරිච්ඡේද 8 ක් ඔස්සේ ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර පිළිබඳව පළුල් දැනුමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට කතුවරයා උත්සාහ කර ඇත. මෙම කෘතිය කුඩා ව්‍යාපාර පිළිබඳව හදාරන ශිෂ්‍යයන්ටත් එම විෂය උගන්වන ගුරුවරුන්ටත් එකසේ වැදගත් වේ යැයි මා කල්පනා කරමි. එසේම මෙය කුඩා ව්‍යාපාර පිළිබඳ ප්‍රායෝගික උනන්දුවක් දක්වන ව්‍යවසායක මහතුන්ට ද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ යැයි සැලකිය හැකිය.”

මහාචාර්ය පී. එම්. එස්. ගුණරත්න, කළමනාකරණ හා මූල්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය

මෙම කෘතිය මා දකින්නේ මෙතෙක් මෙරට ස්වකීය හැකියාවන් භාවිත කරමින් දියුණුවේ ඉහළටම යාමට යන්න දරන ව්‍යවසායක පරම්පරාවට ලැබුණු මා හැගි දායාදයක් ලෙසයි. සිය ව්‍යාපාරවල ගැටලුවලට සාර්ථකව මුහුණු දී ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය නිශාන්ත විසින් මෙම කෘතියෙන් පාදා දී ඇත.

සරත් බුද්ධදාස, විධායක අධ්‍යක්ෂ, ව්‍යාපාර උපදේශන සේවා (පෞද්ගලික) සමාගම

කාමර 38-39, පළමු මහල, වැලිකඩ ප්ලාසා, රාජගිරිය

 

#VyawasayakathwayaSahaKudaVyaparaKalamanakaranaya #BNishantha #SinhalaPoth #OnlineBooks

Weight 0.253 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ව්‍යවසායකත්වය සහ කුඩා ව්‍යාපාර කළමනාකරණය”

Your email address will not be published. Required fields are marked *