, , , ,

වන මැද වූ නිසල විලක්

රු590.00

  • Author : ආර්.පී. සමරසිංහ
  • A Still Forest Pool (by Achan cha thero)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Samanthi Publishers
  • First Edition 2019
  • ISBN : 978-955-084-253-7
  • 218 Pages

Out of stock

Author : ආර්.පී. සමරසිංහ

A Still Forest Pool (by Achan cha thero)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publishers

First Edition 2019

ISBN : 978-955-084-253-7

218 Pages

වර්තමාන ” තායිලන්තය ” අතීතයේදී හඳුන්වන ලද්දේ ” සියම ” යන නමිනි. එරට ජනගහනයෙන් 95% පමණ දෙනා බොදුණුවන් ය. එසේම ඔවුන් බුදු දහමට කොතරම් ඇල්මක් දක්වන්නේ දැයි කිවහොත් විශේෂයෙන්ම ගැටවර වයසේ පිරිමි දරුවන් සුළු කාලයක් හෝ “තාවකාලික පැවදි දිවියකට ” ඇතුළත් කරවීමට එම දෙමව්පියෝ උත්සුක වෙති. එපමණක් නොව, එසේ තාවකාලික පැවිද්ද ලැබීම කෙනෙකුට විවාහයක් කර ගැනීමේ මූලික සුදුසුකමක් වශයෙන්ද සළකනු ලබයි. තායිලන්ත බොදුණුවන් ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටද ප්‍රමුඛත්වය ලබා දෙන බව පෙනී යයි. ඒ නිසාම එරට බොහෝ ප්‍රදේශවල භාවනානුයෝගී දිවියක් ගත කිරීමට සුදුසු වාතාවරණයක් සහිත ආරණ්‍ය සේනාසන පිහිටුවා ඇති ආකාරය දැකිය හැකිය. ඒවා කොතරම් නිවැරදි ආකාරයට බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ දැයි කිවහොත් වර්තමානයේදී යුරෝපය සහ අමෙරිකාව ආදී බටහිර රටවල මහා ධන කුවේරයන්, උගතුන් සහ උසස් වෘත්තිකයන්ද තායිලන්තයට පැමිණ එම ආරණ්‍ය සේනාසනවල භාවනායෝගීව වැඩ වාසය කරන බව පෙනෙන්නට ඇත.

මෙම කෘතියේ සඳහන් වන ” වට් නොං බා පොං ” නැමැති ආරණය සේනාසනය ආරම්භ කරන ලද්දේ අචාන් චා සුභද්ධෝ (පූජ්‍ය චා සුභද්‍ර) හිමියන් විසිනි. ඒ මීට දශක හතරකට පමණ පෙර (ක්‍රි. ව. 1954 ) දී ය. උන්වහන්සේ තායිලන්තයේ පමණක් නොව යුරෝපය තුළ ද ධර්ම දේශනා පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ බෞද්ධ යතිවරයාණන් වහන්සේ නමකි. ක්‍රි. ව. 1939 දී පැවිදි දිවියට පත් වූ උන්වහන්සේ 1992 වසරේදී අපවත් වන තෙක්ම ලෝක බොදුණුවන්ට කරන ලද ශාසනික සේවාව අති විශාලය. එසේම අවාන් චා හිමියන් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක ආකාරයට ධර්ම දේශනා කළ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන්ද ප්‍රකට විය. ” වන මැද වූ නිසල විලක් ” යනු උන්වහන්සේගේ එම දේශනා ඇතුළත් ‘ A Still Forest Pool ” නැමැති කෘතියේ සිංහල පරිවර්තනයකි.

#WanaMedaVuNisalaVilak #RPSamarasinghe #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.263 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන මැද වූ නිසල විලක්”

Your email address will not be published. Required fields are marked *