Author : ලොකුබන්ඩා තිලකරත්න
Publisher : Sarasavi Publisher
First Edition 2020
ISBN 978-955-31-1883-7
148 Pages
නුවරකලාවියේ පැරණි ග්‍රාමීය අධිකරණ ක්‍රමයක් ගැන ලියැවුණ රට සභාව හුදෙක් නීතිය හෝ ඉතිහාසය ගැනම ලියවුණ කෘතියක් නොවේ. එහි මහඟුබව, අගය සහ විශ්වාසය රැදෙන්නේ කතුවරයා තම උපන් පරිසරය හා ජීවන රටාවද ඇසුරෙන් ලද අත්දැකීමෙන් මෙය නිමකර ඇති බැවිනි.
මධ්‍යකාලීන යුගයේ සිට පැවති අපේ සමාජ සංස්ථාවක් වූ රට සභාව හෙවත් වරිග සභාව ගැන ලියැවුණ අති විශේෂ හා දුර්ලභ ප්‍රබන්ධයක් වූ මෙය ජනශ්රැති හා මානවවිද්‍යා හදාරන සියලු දෙනාම අගේ කළ යුතු ප්රයත්නයකි. කතුවරයා මෙම කරුණු හෙළිදරව් කරන්නේ එකල ජනශ්රැතිය ගැන ඇති මනා අවබෝධයකිනි. මුඛපරම්පරාවෙන් කෙමෙන් පරිණාමය වන මෙම නීති ව්‍යවස්ථා සමාජ රටාව අනුකූලව හැඩ ගැසෙන ආකාරය රසවත් කතාවක් සේ කියවිය හැකිය.
ලොකුබන්ඩා තිලකරත්න අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. Echoes of the Millstone: An Ethnographic Account of a Village in Sri Lanka (2015) ඔහුගේ නවතම නිබන්ධය වන අතර University of California, Los Angeles (UCLA) සේවයෙන් පසු 2015 දී විශ්‍රාම ලැබීය. ඔහු සිය බිරිය නිරංජලා සහ දියණිය මිහිරි සමඟ ලොස් ඇන්ජලිස් හි ජීවත් වන අතර මරදන්කල්ල මුල් ගෙදරට පැමිණ ජීවත් වීමට අමතක කරන්නේ ද නැත.
– හද්රජී මහින්ද ජයතිලක –
#RataSabawa #LokubandaThilakarathne #SinhalaPoth #SRiLankaweIthihasaya
Reviews
There are no reviews yet.