,

බුලත්ගම්පත

රු425.00

  • Author : යසවර්ධන රුද්රිගු
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2420-3
  • 215 Pages

Availability: 2 in stock

Author : යසවර්ධන රුද්රිගු

Publisher : Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2420-3

215 Pages

 රාජ්‍ය සම්මානලාභී ලේඛක යසවර්ධන රුද්රිගුගේ පනස් දෙවැනි නිර්මාණය මෙම ” බුලත්ගම්පත ” යන යොවුන් නවකතාව වෙයි . සරසවි ප්‍රකාශනයක් වන ඔහුගේ ” වනචාරීන් සමග වසරක් ” යන යොවුන් නවකතාව අතිශයින් ජනප්‍රිය වූ අතර මේ වන විට එහි සිව්වන මුද්‍රණයද එළි දක්වා තිබේ .

 ” බුලත්ගම්පත ” නවකතාවට පසුබිම් වී ඇත්තේ කර්තෘගේ උපන් ගම වන බෝමිරිය ප්‍රදේශයෙන් කොටසක් දෙකට කැඩී කැලණි ගඟ දිගේ පාවී ගොස් අතරමග රැඳුණු සිද්ධියකි . ජනප්‍රවාදයේ දැක්වෙන අන්දමට ගම දෙකඩ වී ඇත්තේ දේව උදහසට ලක් වීමෙනි . 

 මෙම ජන ප්‍රවාද සිද්ධිය බෝමිරියෙන් බිහි වූ ලේඛකයකු වන වී . ඩී . ද ලැනරෝල් සූරීන්ගේ ” අතීතය ” නමැති ග්‍රන්ථයේද සඳහන්ව ඇත .

  යසවර්ධන මෙම සංසිද්ධිය පාදක කරගෙන ගැමි දරුවන් තිදෙනකුගේ වීර වික්‍රමයක් මේ නවකතාව තුළින් මනා ලෙස චිත්‍රණය කර ඇත . දරුවකු තුළ පැවතිය යුතු නොපසුබස්නා උත්සාහය , එඩිතරකම හා අප්‍රතිහත ධෛර්යයේ තරම මෙම නිර්මාණයෙන් මැනවින් නිරූපණය වේ .

#Bulathgampatha   #YasawardhanaRudrigu #LamaintaKiyaweemata 

 

Weight 0.256 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බුලත්ගම්පත”

Your email address will not be published. Required fields are marked *