, , ,

පාන් සහ වයින්

රු740.00

  • Author : ටී. අන්ද්‍රාදි
  • Bread and Wine (by Ignazio silone) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Rusiyawa Publisher
  • Third Batch 2020
  • ISBN : 978-955-0745-61-6
  •  423 Pages

Out of stock

Author : ටී. අන්ද්‍රාදි

Bread and Wine (by Ignazio silone) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Rusiyawa Publisher

Third Batch 2020

ISBN : 978-955-0745-61-6

423 Pages

‘ ඔහු නරියකු ලෙස පැමිණෙනු ඇත: සිංහයෙකු ලෙස පාලනය කරනු ඇත: බල්ලකු මෙන් මිය ඇත.’ ‘ බොරුවට බිහිරිකම පෙන්වන අයගේ කන් ඇරෙන දා, බොරුවට ගොළුකම පෙන්වන අයගේ දිවවල් ඇරෙන දා, හරිම භයානක දවසක් වේව, නේද? ඒක දැක ගන්න ඔහෙලට ඉඩ ලැබෙනව නං මම හරිම සතුටුයි.’

‘ මුද්‍රිත කඩදාසි ටොන් ගාණක් ම ආණ්ඩුවේ සටන් පාඨ නැවත නැවතත් කියා සිටිනවා. ශබ්ද විකාශන දවස් ගණනක්, ප්‍රකාශන පත්‍රිකා ලක්ෂ ගණනක්, චතුරශ්‍ර වලදියි හරස් පාර වලදියි කථීකයෝ තොග ගාණක්. මේ සටන් පාඨ අප්පිරිය වෙනකල්ම නැවත නැවතත් කිනවා. සාමුහික සිහිමුලාවීම නැති වෙලා යනකල්ම නැවත නැවතත් කියනව. ඒ වුණත්, එක පොඩි මිනිහෙක් ‘ නැහැ ‘ කියලා හෙට කිව්වොත්. ‘ නැහැ ‘ කියලා අසල්වැසියාගේ කණට කෙඳුරුවොත්, එහෙම නැත්තං රෑ යාමේ තාප්පයක ‘ නැහැ ‘ කියලා ලිව්වොත් පොදු ජන ස්ථාරභාවය අනතුරට ලක්වෙනවා.

” ඒක අපේ ඉරණම විය යුත්තේ ඇයි ?  ගැලවෙන්න මගක් නැති විය යුත්තේ ඇයි ? අපි කූඩුවක දාලා වහලා තියෙන කිකිළියොද ? අපි නියත ඉරණමකට ගොදුරුවෙලා. ඒකට විරුද්ධව සටන් කරන්න බලයක් නැතිව ඉන්න ඕන ඇයි? තවමත් නොපවතින පාලනයක් අපි හෙළා දකින්නේ ඇයි ? මිනිසාගේ ප්‍රතිමූර්තියෙන් යුතුව ගොඩනගන්න අපිට අවශ්‍ය වෙලා තියෙන පාලනයක්, ඇයි අපි හෙළා දකින්නේ ?

‘ පාන් හදන්නේ තිරිඟු ඇට ගොඩකින් ස්පීනා කීවේය. ‘ ඒ හින්දා ඒක පෙනී සිටින්නේ එක්සත්කම වෙනුවෙන්. වයින් හදන්නේ මිදි පොකුරු ගොඩකින්. ඒ හින්දා ඒකත් පෙනී හිටින්නේ එක්සත්කම වෙනුවෙන්: එක සමාන, ප්‍රයෝජනවත් දේවල්වල එක්සත්කම වෙනුවෙන්, ඒ හින්දා, එකට අත්වැල් බැඳගෙන යන සත්‍යයයි සහෝදරත්වයයි වෙනුවෙනුත් ඒක පෙනී හිටිනවා. ‘

#PaanSahaVine #TAndradi #SinhalaPoth #SinhalaParivarthanapoth

Weight 0.492 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පාන් සහ වයින්”

Your email address will not be published. Required fields are marked *