,

පළමුවන ලෝක මහා සංග්‍රාමය 1914-1919

රු450.00

  • Author – ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා
  • Publisher – sarasavi Publishers
  • First Edition 2019
  • ISBN 978-955-31-1600-0
  • 264 Pages

Out of stock

Author – ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා

Publisher – sarasavi Publishers

First Edition 2019

ISBN 978-955-31-1600-0

264 Pages

 

“Politics is war without bloodshed while war is politics with bloodshed.”

මා ඕ සේතුං විසින් සිදුකොට ඇති ඉහත ප්‍රකාශය පසක් කරමින් මානව ශිෂ්ටාචාරය ආරම්භයේ පටන් යුද්ධයේ පවතින කෘරත්වය හා විනාශකාරි බව පිළිබඳව පැහැදිලි විශ්ලේෂණයක් පාඨකයාට ලබා දීමට ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා මෙම ග්‍රන්ථයේ දී ගෙන ඇති උත්සහය අගය කළ යුතු වේ. යුගයෙන් යුගයට ලොව පුරා ඇති වූ, යුද ගැටුම්වලට ජාතිවාදී, වර්ගවාදී හා අන්තවාදී ආගමික චින්තනය මුල් වී ඇති බවට ග්‍රන්ථය ආරම්භයේදීම කතුවරයා සිදුකොට ඇති සදහන වර්තමානයේ දී නැවත නැවත සනාථවන බව දැකගත හැකි වේ. පළමුවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයට යුරෝපයේ එවකට පැවති මිලිටරිවාදය, ජාතිවාදය, කඳවුරුවාදය මෙන්ම ව්‍යාප්තවාදය ද හේතු වූ බව කතුවරයා විසින් හේතු සාධක සහිතව පෙන්වා දී ඇත්තේය.

19 වන සියවස මුල් භාගයේ දී අධිරාජ්‍ය පවත්වාගෙන යාම සඳහා යුරෝපීය ජාතීන්ට ප්‍රබල නාවික හමුදා තීරණාත්මක සාධකයක් වූ අයුරු මෙන්ම පළමුවන ලෝක සංග්‍රාමයේ දී මහා බ්‍රිතාන්‍ය හා ජර්මානු නාවික හමුදා අතර සිදුවූ මහා පරිමාණ සමුද්‍ර ගැටුම වූ “ජුට්ලන්ත සංග්‍රාමය” පිළිබඳව කතුවරයා කරුණු ඉදිරිපත් කරන්නේ පාඨක කුතුහලය ඇතිවන අයුරිනි. එවකට ප්‍රාථමික අවධියේ පැවතිය ද ඉදිරියේ දී ඇතිවන යුද්ධයක දී ගුවන් සංග්‍රාමික වැදගත්කම පළමුවන ලෝක සංග්‍රාමයේ දී සමස්ථ ලෝකයටම අවබෝධ විය.

පළමුවන ලෝක සංග්‍රාමයේ දී ගොඩබිම් සටන් අතර තීරණාත්මක වූ ලීග් සටන, මොන්ස් සටන, මාර්නේ සටන, වෑර්ඩන් සංග්‍රාමය, සොමි සංග්‍රාමය, ඉප්‍රෙ පළමු, දෙවන, තෙවන, සිව්වන හා අවසන් පස්වන සටන පිළිබඳව ද විස්තරාත්මක විග්‍රහයක් මෙහි අන්තර්ගත වේ. එමෙන්ම ගලිපොලි සටන, නැගෙනහිර රුසියානු සටන් පෙරමුණ, ඉතාලිය හා මධ්‍ය බලවතුන් අතර සටන, මැද පෙරදිග සංග්‍රාමය, වසන්ත සංග්‍රාමය හා සියක් දින සංග්‍රාමය පිළිබඳව ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා විසින් දක්වා ඇති කරුණු ඉතා වැදගත්ය. මෙම සංග්‍රාමයේ දී සතුන් විසින් ඉටු කළ කාර්යභාර්යය පිළිබඳ දීර්ඝ විස්තරයක් සැපයීමට ද කතුවරයා උත්සාහ දරා ඇත්තේත්ය.

සොල්දාදුවන් මිලියන 9 කට තම ජීවිත අහිමිකරමින්, මිලියන 21 ක් ඉක්මවූ ජනතාවක් ආබාධිත කරමින් හා මිලියන දොළොහකට අධික බාල, මහලු, කාන්තා හා පුරුෂ ප්‍රජාවක් ජීවිතක්ෂයට පත් කරමින් 1919/6/28 දින අවසන් වූ පළමුවන ලෝක මහා සංග්‍රාමයෙන් මානව ප්‍රජාවට හා සමස්ථ ලෝකයට සිදු වූ අතිමහත් විනාශය මෙම කෘතියේ දී කතුවරයා විසින් මනාව විග්‍රහකොට තිබීම පැසසිය යුතුවේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් රේනක විපුලනාත් උඩවත්ත, හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදාව

 

#PalamuvanaLokaMahaSangramaya #PrashanthaPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.300 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පළමුවන ලෝක මහා සංග්‍රාමය 1914-1919”

Your email address will not be published. Required fields are marked *