,

තාරකා ජීව විද්‍යාඥයෙකුගේ ජීවිත කතාව

රු750.00

  • Author – වෛද්‍ය කරුණාසිරි ද සිල්වා
  • Publisher – S.Godage saha Sahodarayo
  • First Edition 2021
  • ISBN 978-624-00-0946-1
  • 288 Pages

Out of stock

Author – වෛද්‍ය කරුණාසිරි ද සිල්වා

Publisher – S.Godage saha Sahodarayo

First Edition 2021

ISBN 978-624-00-0946-1

288 Pages

 

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා වනාහි, ශ්‍රී ලංකාවේ උපත ලද, බ්‍රිතාන්‍යයේ වෙසෙන, කවුරුත් හොඳින් දන්නා විද්‍යාඥයාය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ලංකා විශ්වවිද්‍යාලයෙනි. ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳව පළමුවන පංතියේ ගෞරව උපාධියක් ලබා ගත්තේ ය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය බලා ගියේය. එහිදී ඔහු PhD සහ ScD උපාධි ලබාගත්තේත්ය. 1963 වසරේ දී තම ක්ෂේස්ත්‍රය පිළිබඳ අත්දැකීම් ලබාගන්නට දෙන ශිෂ්‍යත්වයක් (Fellowship) කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජීසස් කොලීජියෙන් ඔහු ලබාගත්තේ ය. 1973 වසරේ දී ඔහු මහාචාර්ය වරයෙකු වශයෙන් කාඩිෆ් නගරය බලා ගියේය. මහාචාර්ය වික්‍රමසිංහ තාරකා විද්‍යාවට සහ විශේෂයෙන්ම අන්තර්තාරීය දූවිලි සම්බන්ධ මතවාදවලට පුරෝගාමී දායකත්වයක් ලබා දී ඇත. ඔහු 25 කටත් වඩා ප්‍රමාණයක පොත් ප්‍රකාශයට පත් කර ඇත. විද්‍යාත්මක ලිපි 300 ක් පමණ ප්‍රකාශයට පත් කර ඇත. මෙයින් 75 කට වැඩි ප්‍රමාණයක් පළ වූයේ සඟරාවේය. 1974 වසරේ දී, අන්තර්තාරීය අවකාශයේ සහ ධූමකේතුවල පවතින දූවිලි ප්‍රධාන වශයෙන්ම කාබනික ද්‍රව්‍යවලින් සෑදී ඇති බවට ඔහු පළමුවන වතාවට මතවාදයක් ඉදිරිපත් කළේය. දැන් එම මතවාදය සාක්ෂි මගින් සාධාරණීකරණය කර ඇත. නැසීගිය, ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් සමග ජීවය විශ්වමය සංසිද්ධියක් බවට යෝජනා කළේ ද ඔහුය. එම මතවාදය ආරම්භයේ දී මතභේදාත්මක වූ නමුදු, වර්තමානය වන විට එම මතවාදය සෙමෙන් සෙමෙන් සාම්ප්‍රදායික විද්‍යාවේ වසම තුළ ට ගමන් කරමින් සිටී.

 

#TharakaJeewaVidyagnayakugeJiwithaKathawa #KarunasiriDeSilva #SinhalaPoth #OnlineBooks

Weight 0.391 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තාරකා ජීව විද්‍යාඥයෙකුගේ ජීවිත කතාව”

Your email address will not be published. Required fields are marked *