,

මතක සමග ලට්ට ලොට්ට

රු800.00

  • Author: ඩබ්ලිව්. ජයසිරි
  • Publisher: Nirmala Publishers
  • First Edition 2021
  • ISBN 978-624-6018-00-9
  • 271 Pages

Out of stock

Author: ඩබ්ලිව්. ජයසිරි

Publisher: Nirmala Publishers

First Edition 2021

ISBN 978-624-6018-00-9

271 Pages

 

හේතු පාඨය,

ජයසිරි !

ඔහුගේ රෑපකාය බෝලාකාරය

චිත්තාකාරය ගෝලාකාරය.

මට ඔහුගේ නම ලියවෙන්නේ ඉංග්‍රීසි සිංහල මිශ්‍ර සිංගිලිස්වලිනි. සිංගිලිස්වලින් කී විට කිසිවෙකුට නමක් පාරිශුද්ධ නැත. හේ කවලම් ය, කලවම් ය. මේ මිනිහට ශුද්ධ ජාන ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. එයට හේතුව මේ මනුස්සයා පාරිශුද්ධ ජාතියක්, නිර්මල සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති එක ය. නිර්භය මේකා “ දේශද්‍රෝහි බල්ලා” නමින් ස්වකීය කැඩපත් ඡායාව පොතක් ලෙස ලීවේය. සමරිසි අයිතිය නිසි රිසි ලෙස පිළිගන්නා හෙතෙම ස්ත්‍රී ලෝලි ලෝභිත්වය “සිරිසේන සහ තෙපානිස්” ලෙස අභීතව නිර්වස්ත්‍ර කළේය. ජයසිරි මංගලම් කියා ජයසිරිමා බෝ මූලයෙහි මධුපානෝත්සව ප්‍රතිපදාව යෝජනා කළේය. කටකාර වාචාල මුකරියා සංවාද ප්‍රිය බහුභාණියා ය. සුභාෂිතය සමග ෂේක්ස්පියර් එකට ගැට ගසා හැම්ලට්ගේ බෙල්ලේ තොණ්ඩු මාලාදාමයක් එල්ලීමට තරම් තැන්වැසි නුවණැති බහුශ්‍රැතියා ය. මේ සතතාභියාසවර රංගධර ප්‍රවීණයා ඕනෑම භුමිකාවක් රූපණයෙහි ලා හැඩ වැඩ බෝලාකාර මිනිසෙකි. අශිෂ්ට වනචරයාත් සංයත භික්ෂුවත් නගරං චණ්ඩියාත් සෝපහාස උත්ප්‍රාසකයාත් නළුවරණයට උචිත ලෙස මේ බෝලයාගෙන් කපා කොටා ගත හැකිය. ශතවර්ෂ තුන්කාලක් කලා සාහිත්‍ය ලෝකයේ ලයිව් සිවිල් පොරකි. පොර සාතිශය පරිකල්පනීය ගේය පද ලියූවෙකි. සකල කලා වල්ලභත් වර්ගයේ ශ්‍රී ලාංකික යුනික් මිනිහෙකි. ඇත්තටම අපෙන් එකෙක් වූ මේ මිනිසා අපේ ජීවිත මහාවංශයේ විසල් පරිච්ජේදයකි. හිත ගත බිඳී, ලොව ම එපා වී, කලකිරුණු මොහොතක හිස තියන්නට හයිය ඇති ආදර උරහිසක් ඇති ප්‍රාණ සම මිතුරෙකි. අප්‍රමාණ ප්‍රේමවන්ත දුර්ලභයෙකි.

හෙතෙම ගෝලාකාර බෝලාකාර මිනිසෙකි.

උපුල් ශාන්ත සන්නස්ගල

 

#MathakaSamagaLattaLotta #WJayasiri #SinhalaPoth #OnlineBooks

Weight 0.338 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මතක සමග ලට්ට ලොට්ට”

Your email address will not be published. Required fields are marked *