, , , ,

බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

රු500.00

  • Author: පද්මා ගුණසේකර සහ සමරසිංහ ගුණසේකර
  • Recollections of a Boer Prisoner–Of–War at Ceylon (by Jan N. Brink) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sunera Publishers
  • First Edition 2021
  • ISBN 978-955-3750-43-3
  • 224 Pages

Out of stock

Author: පද්මා ගුණසේකර සහ සමරසිංහ ගුණසේකර

Recollections of a Boer Prisoner–Of–War at Ceylon (by Jan N. Brink) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sunera Publishers

First Edition 2021

ISBN 978-955-3750-43-3

224 Pages

 

ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්‍රින්ක් ඉංග්‍රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි. දකුණු අප්‍රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි. 1901 දී තවත් පන්දහසක් පමණ යුද සිරකරුවන් සමඟ ලංකාවට එවූ ඔහු අවුරුදු දෙකක් පමණ මෙරට සිටි අතර වැඩිකලක් ගත කළේ දියතලාව හා රාගම සිරකඳවුරුවලය. ඉංග්‍රීසි කිරීටයට පක්ෂපාති බවට දිවුරුම් දුන් යුද සිරකරුවන්ට ඉංග්‍රීසි ආණ්ඩුව සමාවක් දුන් අතර, බ්‍රින්ක්ද සමාව ලැබූ සිරකරුවෙක් වශයෙන් ගත කළ කාලයේ මහනුවර, අනුරාධපුරය වැනි පෙදෙස්වල සැරිසැරුවේය.

සිය මවුබිමේ දී යුද සිරකරුවකු බවට පත්වූ කාලයේ ගත කළ කටුක ජීවිතයත්, මොන්ගෝලියන් නම් නැවේ ගත කළ ජීවිතයත්, දියතලාව හා රාගම සිරකඳවුරුවල ගත කළ කාලයත් අලළා ඔහු මවුබිමට ගිය පසු Recollections of a Boer Prisoner–Of–War at Ceylon නමින් ලියූ මේ පොතෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් මෙන් පෙනී සිටින ඉංග්‍රීසින් සතුරාට එරෙහිව යුද්ධ කරන විට කළ සැහැසිකම් ඉතා විස්තරාත්මකව ගෙන එයි. ඔහුගේ ඇතැම් විස්තර අපට නිතැතින්ම සිහිකරන්නේ වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසි යටත්විජිත පාලකයන් හැසිරුණු ආකාරයයි.

මේ පොතට පසුබිම වන බෝයර්වරු, ඔවුන්ගේ මවුබිම හා ලංකාවට ගෙන ආ බෝයර් සිරකරුවන් ගැනද පොත කියවන පාඨකයන් දැනුම්වත් කරනු පිණිස අප විසින් ලියා ඇති පසුබිම් සටහනක් ද මෙහි ඇතුළත් ය.

 

#BoyarSirakaruwakugeMathakaSatahan #PadmaGunasekaraAndSamarasingheGunasekara #PariwarthanaPoth #OnlineBooks

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බෝයර් සිරකරුවකුගේ මතක සටහන්”

Your email address will not be published. Required fields are marked *