Author : සඳුන් ජයවර්ධන
Publisher : Kadulla Publishers
First Edition 2020
ISBN 978-624-96299-0-5
95 Pages
වන මැද පිහිටි ජරාවාස වූ වැවකින් පොහොනි වන බොරළු ඇළ අවසන් වන්නේ ගල්ඔය හන්දියේ දුම්රිය පොළට පිටුපා පිහිටි සම බිමක ඇති විසල් කුඹුක් වන පෙතකිනි. අක්කර දෙසීයක් පමණ බිමෙහි පිහිටි කුඹුක් වන පෙත දුම්රිය පොළත් ගල්ඔයත් අතර බිම් කඩ අරා සිටියි. මෙහි පොළව තැනින් තැන විහිදී ඇති නිල්වන් තණ ඇතිරිල්ලකින් හා මෘදු වැල්ලෙන් යුතුය. මේ සම බිමට වන් බොරළු ඇල අවසන ගල්ඔය සොයා යන්නේ සිය වල්ලභයා සොයා යන යොවුන් කුමරියක පරිද්දෙනි. .බොරළු ඇලත් ගල්ඔයත් යාවෙන තැන වන රොදින් සෙවන වන කුඩා වගුරකි.අවට පැතිර ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි සොඳුරු ආශ්වාදයකි. තෙත්කර බිමෙහි මතුපිට සියගනන් සමනල්ලු වසා සිටිති. දිය කඩිති මතුපිට සප්ත සංඛයාත දිය මකුළුවෝ සැරිසරති. වගුර අයිනේ නොයෙක් අපා දෙපා සිවුපා සතුන්ගේ සලකුණුය. අවට ගස් මත නොයෙක් කුරුළු ගණයා සැරිසරති. තුරු මුදුන් මත නිහඬව පළුපත් බුදින වාණර ගණයාය. අවට පැතිර ඇත්තේ වන මැද සැතපුම් හයක් හෝ හතක් ඈතින් ඇති ගන වනයෙහි ඇති නිහඬතාව මිස අනෙකක් නොවේ.මේ නිහඬතාවය ඉඳ හිට බිඳ දැමෙන්නේ ඈතින් එන දුම්රිය හඬකිනි.
#GalOyawiththi #SandunJayawardane #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.