,

උඩරට විත්ති

රු650.00

  • Author – පී.ඇම්.පී. අභයසිංහ
  • Publisher – S.Godage saha Sahodarayo
  • New Edition 2017
  • ISBN 978-955-30-7469-0
  • 304 Pages

Out of stock

Author – පී.ඇම්.පී. අභයසිංහ

Publisher – S.Godage saha Sahodarayo

New Edition 2017

ISBN 978-955-30-7469-0

304 Pages

 

කන්ද උඩරට විසූ ප්‍රකට වියත් පඩිවරයාණ කෙනෙකු වූ හගුරන්කෙත කවි චිත්තාමණී පී. ඇම්. පී. අභයසිංහ මහතා ඇසුරු කර එතුමන්ගේ ශාස්ත්‍රීය ජීවිතයේ සමහර අවස්ථාවට සහභාගිවීමේ විරල භාග්‍යයක් ලද්දෙකු වශයෙන් ඔහුගේ ජනප්‍රිය ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වූ තෙවන වරට එළි දකින උඩරට විත්ති නමැති මෙම ග්‍රන්ථයට පසුවදනක් ලියන්නේ ඉමහත් අභිමානයෙනි. ආයුර්වේද වෛද්‍ය විශාරදයෙකු මෙන්ම පෙරදිග භාෂා ශාස්ත්‍රඥයෙකු වූ කවි චින්තාමණී අභයසිංහ මහතා අතින් ලියැවී ඇති ග්‍රන්ථ සංඛ්‍යාව අතිවිශාලය. ඒවායින් බොහොමයක් අද දින පාඨකයන්හට ලබා ගැනීමට නොහැකි දුර්ලභ ගණයට අයත්වන පොත්පත් ය. කාලෝචිත පරිදි ඒවා පාඨකයන් අතට පත් කිරීම ශාස්ත්‍රීය සේවාවකි.

කවි චින්තාමණි අභයසිංහ මහතාගේ දෙටු පුත් සෝමතිලක අභයසිංහ මහතා කීය දයාබර පියාණන්ගේ ශාස්ත්‍රීය සේවාව අගය කරමින් උඩරට විත්ති නමැති ග්‍රන්ථය නව සංස්කරණයකින් යුතුව එළි දැක්වීමට ගත් ප්‍රයත්නය අගය කළ යුතුය. මෙහිලා ඔහු විසින් මහ ගබඩාව හා උඩගබඩාව සම්බන්ධ සිරිත් විරිත් ද රජුගේ අවමංගල්‍ය චාරිත්‍ර හා වෙනත් තොරතුරු ද ඇතුළත් කිරීමෙන් ග්‍රන්ථයේ ශාස්ත්‍රීය අගය තවත් වැඩි කොට ඇත. මහනුවර රාජ්‍ය සමය හා සම්බන්ධ ඉතා වැදගත් තොරතුරු ඇතුළත් මෙම ග්‍රන්ථය මෙන්ම කවි චින්තාමණී අභයසිංහ මැතිඳුන් අතින් එකල ලියැවී අවසන් ව තිබූ උඩරට විත්ති දෙවන භාගය ද සොයා මේ අයුරින් ප්‍රකාශයට පත් කළහොත් එය එතුමන්ට කරන උපහාරයක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා සිංහල අධ්‍යයන අංශාධිපති,  සිංහල අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. 1998.06.16

 

#UdarataViththi #PMPAbhayasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.418 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උඩරට විත්ති”

Your email address will not be published. Required fields are marked *