, , ,

ධර්ම විජය කාවන්තිස්ස රජතුමා 1

රු480.00

  • Author : බන්දුසේන ගුණසේකර
  • Publisher : Dayawansha Jayakody Publisher
  • First Edition 2010
  • ISBN 978-955-551-772-0
  •  390 Page

Availability: 3 in stock

Author : බන්දුසේන ගුණසේකර

Publisher : Dayawansha Jayakody Publisher

First Edition 2010

ISBN 978-955-551-772-0

 390 Page

වංශ කථා කාරයන් ලුහුඬින් සඳහන් කළ ද කාවන්තිස්ස රජතුමා ලංකා ඉතිහාසයෙහි දීප්තිමත් සුවිශේෂ චරිතයක සටහන් තබා ඇත්තේ, යුද්ධ වීරයකු හා ආගමික වීරයකු ලෙස පමණක් නො වේ. 

ඔහු කතරගම ක්ෂත්‍රිය වෛරය තුනී කළ සාම වීරයෙකි. තුන් සිංහලය එක්සේසත් කිරීමේ මං පෑ ජාතික වීරයෙකි. සියලු පාලක හා ජනතා සිත්සතන් යහපතට ම යොමු කළ ධර්ම වීරයෙකි. කතරගම ක්ෂත්‍රිය කුමරියක වූ ශවෙරගේ සිත් දිනා ගැනීමේ කාර්යය ද අපූරුවකි.

ඓතිහාසික හා සාහිත්‍ය මූලාශ්‍ර වෙතින් ලැබෙන කරුණු අල්ප වූව ද අභිලේඛන හා ජනශ්‍රැති වෙතින් අනාවරණය කරගත හැකි කාවන්තිස්ස රජතුමා පිළිබඳ චරිතානුබද්ධ විශේෂ සිද්ධි හා අවස්ථා අනල්පය. ලංකාවේ රජ පෙළපතෙහි මෙතරම් මාහැඟි චරිතයක් නැති තරම් යැයි කිවහැකි වන්නේ එම අත්‍යුදාර පැවැතුම් හෙයිනි.

එහෙයින් එම විපුලත්වය හා මහාර්ඝත්වය මෙම කෘතියෙන් ඔබ වෙත ගෙන ඒමට අදහස් කළේ අ⁣පේ පර්යේෂණශීලී විද්වතුනට හා පොදු පාඨක භවතුනට එය අත්පත් කර දීමටය.

අතරමං පෙතේ සිටින පාලකයනට ද නිසි මංපෙතට එන්නට මෙයින් එළියක් විහිදෙනු ඇත. රටෙහි විය යුතු සද්පාලනයෙහි ස්වරූපය ද මෙයින් කියවෙන බැවිනි.

 

#DharmaWijayaKawanthissaRajathuma #BandusenaGunasekara #SriLankaveIthihasaya

Weight 0.461 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ධර්ම විජය කාවන්තිස්ස රජතුමා 1”

Your email address will not be published. Required fields are marked *