,

අවසන් අවදිකරන්නා

රු1,400.00

  • Author – දමිත නිපුණජිත්
  • Publisher – Tantra
  • First Edition 2021
  • ISBN 978-624-6004-00-2
  • 636 Pages

Out of stock

Author – දමිත නිපුණජිත්

Publisher – Tantra

First Edition 2021

ISBN 978-624-6004-00-2

636 Pages

 

වසර හයදහසකට පෙර මිහිතලය මත රැජැයූ අති දියුණු ශිෂ්ටාචාරයක්.. හදිසියේ එය මිහිතලය මතින් අතුරුදහන් වී යෑමට හේතු වූ අනපේක්ෂිත සිදුවීමක්…. අතීතයත් අනාගතයත් යා කරන රහසිගත සැලසුමක්…

රන්දික, තමන් අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින බව විශ්වාස කරන නව යෞවනයෙකි. එක්තරා උදෑසනක සිට ඔහුට අභූත සිදුවීම් පෙළකට මුහුණ පාන්නට සිදු වෙයි. එයට හේතුව කුමක් ද? ඔහු පසුපස එන අසාමාන්‍ය මිනිසා කවුද? මානව වර්ගයාගේ අනාගත ඉරණම කුමක් ද? ලිඛිත ඉතිහාසයේ කඩතුරා වෙන් වැසී ගිය, මිනිස් ඇස නො ගැටෙන කුමන්ත්‍රණය හෙළිදරව් කර ගැනීමට සාමාන්‍ය කොලු ගැටයකුට හැකි වනු ඇත් ද?

සෑම විට ම පියවරක් ඉදිරියෙන් සිටිනා අදිසි සතුරා ජය ගැනීමට….?

ස්වකිය ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ සංග්‍රහයෙන් ම පාඨක ආකර්ෂණයත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇගැයිමත් යන උභය සම්මානයෙන් පිදුම් ලද දමිත නිපුණජිත්, බදුල්ල බෝගොඩ මහ විදුහල, කොළඹ ආනන්ද විදුහල හා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය යන සිප්හල්වලින් පාසල් අධ්‍යාපනය නිමා කොට, ශ්‍රී ජයවර්ධනපුර සරසවියට පිවිස විද්‍යාවේදී උපාධිය ද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනාගත්තෙකි. දිගුකලක් වෘත්තීයමය විද්‍යා සන්නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති දමිත, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන හොඳ ම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය ද, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමනු ලබන හොඳ ම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය ද දිනා ඇති අතර වර්තමානයේ විදුසර විද්‍යා සගරාවෙහි ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරයි.

විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය සම්බන්ධයෙන් සැලකීමේ දී ඔහු මෙරට බිහි වූ සුවිශේෂී ම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ නිර්මාණකරුවා ලෙස ගිණිය හැකි ය. ඔහුගේ දෙවැනි විද්‍යා ප්‍රබන්ධය වූ කාලාවකාශයේ සිරකරුවා ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔහු වෙත උරුම කර දුන් අතර එය ලාංකීය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ඉතිහාසයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම කෘතියක් බව පාඨක හා විචාරක දෙපාර්ශවයේ ම පොදු පිළිගැනීමයි. ස්වකීය නවතම කෘතිය වන අවසන් අවදිකරන්නා ඔස්සේ දමිත නිපුණජිත් ස්පර්ශ කිරීමට සැරසෙන්නේ සිංහල පාඨකයාට නුහුරු පෙරදිග විද්‍යා ප්‍රබන්ධ සාහිතය නමැති නැවුම් සාහිත්‍යයික ඉසව්වයි. අපරදිග ආභාසය මත ලියවුණු සහසක් විද්‍යා ප්‍රබන්ධ අතරේ දමිත නිපුණජිත්ගේ අවසන් අවදිකරන්නා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම පෙරදිග විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අවදි කරවන පෙරමං තනන්නකු වනු නොඅනුමාන ය.

#AwasanAvadikaranna #DamithaNipunajith #SinhalaPoth #OnlineBooks

Weight 0.703 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් අවදිකරන්නා”

Your email address will not be published. Required fields are marked *