,

නිෂ්ක්‍රාන්තිය

රු650.00

  • Author: සුනේත්‍රා රාජකරුණානායක
  • Publisher: Sarasavi Publications
  • Fourth Edition 2020
  • ISBN 978-955-31-1535-5
  • 344 pages

Out of stock

Author: සුනේත්‍රා රාජකරුණානායක

Publisher: Sarasavi Publications

Fourth Edition 2020

ISBN 978-955-31-1535-5

344 pages

මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද, නිෂ්ක්‍රාන්තියට පත් වන්නට ඉඩ දිය නො හැකි ය.

 

”1976 දිනක අම්මාට ගෙදර එන පාර අමතක වී තිබිණ. ඇය මොරටුවේ පරණ ගාලූ පාරේ හොරේතුඩුව පාලම අසල වී සිටිය දී රත්නපුරයේ හත හා අටවන ශ්‍රේණිවලදී මගේ පන්තියේ සිටි චින්තා වාස් ගුණවර්ධන හමු වී තිබිණ. චින්තා අම්මා කැටිව විවාහ වූ අළුත අප පදිංචිව සිටි පුරන්අප්පු රජ මාවතේ නිවසට ආවා ය. මෙය චිත‍්‍රපටියක හෝ නවකතාවක හෝ සිද්ධියක් වූවා නම් අප එය විවේචනය කරන්නේ අභව්‍යය සිදුවීමක් ලෙස ය. සැබෑ ජීවිතයේ එවැනි සිදුවීම් සුලබ නැතත් එය සැබැවින්ම සිදු විය. එසේම අම්මා වරක් රත්නපුරයේ කෙනෙකු යයි කී නාඳුනන ස්ත්‍රියකට නවාතැන් දුන්නේ ඇය රාත්‍රි‍යේ තනිව බස් නැවතුම්පළක සිටි හෙයිනි. ඊට සාක්ෂිය එ් අවස්ථාවේ අප සමඟ ගමන් කරමින් සිටි අප කොට රංජා යයි හඳුන්න නළුවකු හා ගායකයකු වන මොරටුවේ රංජිත් පීරිස් ය.

මේ සිදුවීම් දෙක මෙම කෘතියට ඇතුළත් නොවන නමුදු මතකය ගිලිහුණ චරිතයක් සිතට ඇතුළු වූයේ එ් කාලයේ ය. අම්මා අවුරුදු 54න් මිය යන තුරු ද ඇගේ මතකය අවුල් වී තිබිණ. ඇයට කිසි විටෙක මගේ නම අමතක වූයේ නැතත් ඇය කතා කළේ රත්නපුරයේ සිදුවීම් පමණ ය.

මේ කතාවට අම්මාගේ ඍජු සම්බන්ධයක් නැතත් ඇගේ මතකය අහිමිවීම මීට බලපාන්නට ඇත. මීට ඍජුවම බලපෑවේ අපේ කාලයේ දේශපාලන පසුබිම ය. බැංගලෝරයේ ප‍්‍රථම විකල්ප පුවත්පත ලංකේෂ් පත්‍රි‍කාවේ කතුවරිය ට වෙඩි තබා ඝාතනය කළේ 2017 දී ය. ගෞරි ලංකේෂ්ගේ මරණය දැන ගත් දිනයේ මා මෙය කෙටිකතාවක් ලෙස ලියන්නට පටන් ගත් නමුදු එය අතරමග නැවතුණි. ඉන්පසු ධර්මශාලාවේ පරිවාර නගරය මැක්ලියොඞ් ගන්ජ් හී සිටිය දී රට හැර ගිය හා පිටුවහල් කළ අය සඳහා පොදු වචනයක් සොයන විට නිෂ්ක‍්‍රාන්ත් යන හින්දි වචනය ඉගෙන ගතිමි. මෙහි දී මා එය යොදා ගන්නේ අතුරුදහන් වූවන් ද, රට හැර ගිය වුන් ද, දේශපාලන දඩයම් ලෙස ජීවිත අහිමි වූවන් ද ආවරණය වන පුළුල් පරාසයකිනි.

 

#Nishkranthiya #SunethraRajakarunanayaka #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth

Weight 0.360 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිෂ්ක්‍රාන්තිය”

Your email address will not be published. Required fields are marked *