Sale!
, , , , , , ,

සොදුරු සිරිලක 2

Original price was: රු1,240.00.Current price is: රු1,178.00.

  • දිගාමඬුල්ලේ ආශ්චර්ය + විසි වසක් වන්නියේ + ලංකාව සහ සිංහලයෝ
  • සාමාන්‍ය මිල – රු. 1240/=
  • අපේ මිල – රු. 1178/=

Out of stock

දිගාමඬුල්ලේ ආශ්චර්ය + විසි වසක් වන්නියේ + ලංකාව සහ සිංහලයෝ

සාමාන්‍ය මිල – රු. 1240/=

අපේ මිල – රු. 1178/=

 

දිගාමඬුල්ලේ ආශ්චර්ය

Author : මායාරංජන්  

Publisher : Sooriya Publisher

Ninth Batch 2014

ISBN 978-955-656-312-2

155 Page

 

දිගාමඬුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්, නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපත් ගම්දොර තරම් හිතේෂිවන්ත ය. අලිබොට්ටු, වගවලසුන් හා දිවිහපුවන් ඇඟෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි. 

හේනට – කුඹුරට මහපොළව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය. මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ,

මෙරට පළමු – පුරෝගාමී වනවිත්තිකරුවා ය. ඒ, ” දිගාමඬුල්ලේ ආශ්චර්ය ” කෘතියෙන් ‘ මායාරංජන් ‘ මැවූ භාෂා වියමන මඟිනි.

මහින්ද කුමාර දළුපොත

#DigamadulleAshcharya #Mayaranjan #SinhalaPoth 

 

විසි වසක් වන්නියේ 

Author : සුනිල් කුලරත්න 

Publisher :Sooriya Publisher

Second Batch 2009

ISBN 978-955-8425-99-0

136 Page

 

මාගේ කෑගැසීමත් සමඟ, පැල්පත පොඩිකර ක්‍රීඩා කරමින් සිටි අලි රංචුව එය නවතා නිහඬ වූහ. ඒ අතටත් මේ අතටත් හැරෙමින් විනාඩි පහක පමණ කාලයක් ගත කළහ. ඉන් පසු එකෙක් භයංකර හඬක් නැඟීය. එවැනි භයාන හඬක්! මෙතෙක් වේලා ශාන්ත ගමනින් ගමන් කළ ඔවුහු සොඬවැල් ඔසවාගෙන නැවත නැවතත් අර භයානක හඬ නඟමින් අප ළැඟුම් ගෙන සිටි පැල දෙසට දිව ඒ්මට පටන් ගත්හ.

” සමන් දෙවියනේ මේ දරු පැටවා ඔබවහන්සේට භාරයි ” අප්පච්චී ඉතා පහත් හඬින් කීවේය. මම අප්පච්චීට තුරුළු වීමි. 

#VisiWasakVanniye #SunilKularathna #SinhalaPoth

 

ලංකාව සහ සිංහලයෝ

Author : ප්‍රේමචන්ද්‍ර අල්විස්

Ceylon And the Cingalese (by Henry Sirr) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

First Edition 2004

ISBN 978-955-8892-93-9

234 Pages

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන්‍ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ්‍ර ජනගහණයේ ගතිගුණ හා සිරිත් විරිත් විත්‍රණය කිරීමටත් මා උත්සහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් ද මෙය පාඨකයාට ප්‍රයෝජනවත් වෙතැයි ද සිතමි. 

ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩරට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප්‍රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත් විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය.

                                                                                                                             – හෙන්රි චාල්ස් සර් –#LankawaSahaSinhalayo #PremachandraAlwis #CeylonAndtheCingalese #SriLankaweItihasaya #SinhalaPoth

Weight 0.602 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොදුරු සිරිලක 2”

Your email address will not be published. Required fields are marked *