,

මිලින්දගේ කොරෝනා ඩයරිය

රු800.00

  • Author: මිලින්ද රාජපක්ෂ
  • Publisher:  KSP Publishers
  • First Batch 2020
  • ISBN 978-955-4635-62-3
  • 331 Pages

Out of stock

Author: මිලින්ද රාජපක්ෂ

Publisher:  KSP Publishers

First Batch 2020

ISBN 978-955-4635-62-3

331 Pages

 

පසුවදන:

මිලින්දගෙ පළවෙනි පොතට පසුවදන ලියද්දි මම මිලින්දගේ ලිවීම අපේ තරුණ දේශපාලන මතවාදය හා සංවාදය

වෙනුවෙන් කොයිතරම් වැදගත්ද කියල පැති කිහිපයකින්ම සඳහන් කළා.  ඒ් නිසා ඒ් ගැන ආපසු ලියන්නෙ නෑ.

කොරෝනා ගැන මිලින්ද නොලිව්වා නම් තමා පුදුමෙ. තරුණ පරම්පරාවක් විදියට අපි මැදිහත් විය යුතු හැම ප්‍රධාන

ජාතික කාරණයකටම මිලින්ද පෑනෙන්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් හෝ මහපොළොවෙ අරගලයකදී

මැදිහත් වෙන එක අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි.

 

කොරෝනා තරම් අපේ ජීවිත කාලය තුළ දේශපාලනීකරණය වුණ සෞඛ්‍ය ගැටළුවක් තවත් නෑ. ඒ වගේම තමයි

කොරෝනා තරම් නුතන ඉතිහාසයේ වසංගතයක් වුණ දේශපාලනික ගැටළුවක් තවත් නෑ.  මේ තරම්  ලෝකයේම

දේශපාලනය, රාජ්‍ය යාන්ත්‍රණය, ආරක්ෂක අංශ, සිවිල් සමාජය, මාධ්‍ය එකම වකවානුවක එකට වැඩ කරපු

සමාජ තත්ත්වයක් හෝ සිදුවීමක් තවත් නැතුව ඇති. ඉතින් අනාගතයේ දවසක කොරෝනා ගැන කතා කරද්දී

ආපහු හැරිල බලද්දි අධ්‍යයනයන් කරද්දි මිලින්දගේ කොරෝනා ඩයිරියත් ප්‍රයෝජනවත් වේව්. ලංකාවෙ මිනිස්සු

කොරෝනා සටන ජයගත්ත විදිය කියවාවී.  ලස්සන කතාන්දරයක් වගේ එක හුස්මට කියවාවි.

 

කොරෝනා වලින් පස්සෙ හැදෙන ලංකාව සහ ලෝකය අපි දැන ඉගෙනගත්ත දැනුම අවලංගු කරල තියෙනවා.

මිලින්දගෙ පොතෙන් කියවෙන්නේ ඒ් පරණ දැනුමෙන් අලුත් දැනුමට අපි මාරුවෙන්න හදන හැටි සහ අලුත්

ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අපිට තියෙන උනන්දුව.හෙට අනිද්දා ඡන්දෙනුත් මිනිස්සු ඒ් අදහස තහවුරු කරාවි.

ඊළඟ අවුරුදු 5 අතිශයින්ම තීරණාත්මකයි. ලෝකයේ ලොකුම රටවල් පවා පරදිමින් සිටින කොරෝනා සටනින්

ජයගත්ත ලංකාවෙ අපට, ඇත්තටම උනන්දුවක් තියෙනවා නම් ලෝකේ ‘බලවත්ම’ රටක් බවට පත් වෙන එක

අමාරු වැඩක් නෙමෙයි. අපි වැඩ කළොත් එහෙම දියුණු රටක ඉඳන් අපේ දරුවන් මිලින්දගේ කොරෝනා ඩයරිය

කියවාවී.

 

නාමල් රාජපක්ෂ

කාල්ටන් නිවස – තංගල්ල

 

#MilindaRajapaksha #CoronaDiariya #SinhalaPoth

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිලින්දගේ කොරෝනා ඩයරිය”

Your email address will not be published. Required fields are marked *