, ,

මිළින්ද ප්‍රශ්නය

රු1,850.00

  • Author : හීනටිකුඹුරේ සුමංගල ස්ථවිර
  • Publisher : Buddhist Cultural Center
  • Sixth Batch 2019
  • ISBN 955-9219-47-2
  • 786 Pages

Out of stock

Author : හීනටිකුඹුරේ සුමංගල ස්ථවිර

Publisher : Buddhist Cultural Center

Sixth Batch 2019

ISBN 955-9219-47-2

786 Pages

 

“මේ ග්‍රන්ථයට අයත් වන්නේ පාලි සාහිත්‍යයේ ඉතා ශ්‍රේෂ්ඨස්ථානයකි”. මෙහි රචනා විලාශය අතිශය මනෝඥයි. එය මෙයින් අපේක්ෂාකල අර්ථයට ඉතාමත් උචිතය. මෙයින් ප්‍රකට වන මිලිඳු රජතුමා ගේ ප්‍රශ්න විචාරණ ශක්තිය පරදින්නේ නාගසේන තෙරුන්ගේ ප්‍රශ්න විසර්ජන ශක්තියට පමණකි. ඒ දෙදෙනාගේ ඒ ශක්ති දෙකම අතිශයාශ්චර්ය්‍යාවහය. තර්කයෙහි අතිශය දක්ෂ වු නාගසේන තෙරුන් වහන්සේගේ පරවාද මථනය සඳහා තර්ක ශාස්ත්‍රයට වඩා අලංකාර ශාස්ත්‍රය යෙදූහ. බොහෝ විට ස්වකීය මතයන් ස්ඵුට කිරීමට උන්වහන්සේ උපමාවන් ගේ හා නිදර්ශනයන් ගේ ද පිහිට සෙවූහ. තැනට නිසි උපමා නිදර්ශනයන් දැක්වීමෙහි උන්වහන්සේ තුල වූ ශක්තිය අද්විතීය ය. සිව්පිළිසිඹියා පත් රහත් කෙනෙකුන් තුළ මිස අනෙක් කෙනෙකුන් තුළ නොපිහිටන ධර්ම ප්‍රතිභානයක් මිලින්ද පඤ්භයෙහි බොහෝ තැනින් ප්‍රකට වෙයි.

සිංහල මිලින්ද ප්‍රශ්නය පළමු වන වරට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූවේ 2428 දී කොටහේනේ පිහිටුවන ලද සර්වඥ සාසනාභිවෘද්ධි දායක මුද්‍රණාලයෙනි. එම මුද්‍රණයේ 2 වෙනි පිටුවේ මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ වන මා විසින් 2422 දුරුතු මස පුර දසවක් තිථිය ලත් ගුරු දින කොළඹ දී ලියන ලදැයි දැක්වේ. එය එකල මුද්‍රිත විශාල ප්‍රමාණයේ කාලෝචිත ග්‍රන්ථයක් ලෙස සඳහන් කළ හැකිය. මෙකල එබඳු ග්‍රන්ථයක් අවශ්‍ය වූයේ බුදු සමයට පටහැනිව මිෂනාරීන් නැගූ උද්ඝෝෂණ වලට පිළිතුරු දීම සඳහාය. එයට පසු යූ.ඒකනායක සහ සමාගම මගින් මුද්‍රණ කීපයක් පළවිනි.

මෙය දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි.

ශාස්ත්‍රපති පණ්ඩිත අත්තුඩාවේ සිරි රාහුල මහානායක මාහිමිපාණන් වහන්සේ, රෝහණ පාර්ශවයේ මහානායක, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති.

#MilindaPrashnaya #HeenatiKumbureSumangalaHimi #SinhalaPoth #OnlineBooks

 

Weight 1.018 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිළින්ද ප්‍රශ්නය”

Your email address will not be published. Required fields are marked *