,

දීපවංසය

රු800.00

  • Author : ප්‍රසාද් පොන්සේකා 
  • Publisher : Buddhist Cultural Center
  • First Edition 2019
  • ISBN 978-955-6636-23-9
  • 409 Pages

Out of stock

Author : ප්‍රසාද් පොන්සේකා 

Publisher : Buddhist Cultural Center

First Edition 2019

ISBN 978-955-6636-23-9

409 Pages

ක්‍රි.ව. 4 වැනි සියවසේදී ලියැවිණැයි සැලකෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම වංසකථාව වංශයෙන් සැලකෙන ‘දීපවංශය’ නැමැති කෘතිය, බොහෝ විද්වතුන් අතර විවිධ මතභේද ජනිත කළ ග්‍රන්ථයකි. රචිත කාලය ක්‍රි.පූ. 4 වැනි සියවස වශයෙන් සැලකෙන නමුත් එම සියවසේ කවර අවධියකදී රචනාවීදැයි නිගමනයක් නැත. ඔ්ල්ඩන්බර්ග් මහතාගේ අදහස අනුව මෙම කෘතිය ක්‍රි.ව. 4 වැනි සියවසේ මුල් වසර තිස්තුන තුළ ලියැවුණකි. ගුණපාල මලලසේකර මහතා ඊට පටහැනිව කරුණු ඉදිරිපත් කරයි. ‘දීපවංස’ කර්තෘ පිළිබඳව ඇත්තේ ද මෙවැනි මතභේදාත්මක අදහස්ය.

මෙම කෘතිය ඒකකර්තෘකද, බහුකර්තෘකද යන්න එක් මතභේදයකි. මෙය රචනා කරනලද්දේ භික්ෂූන් වහන්සේ නමක විසින්ය යන මතයක් මෙන්ම මෙය භික්ෂුණීන් වහන්සේ නමකගේ රචනයක්ය යන මතයක්ද වෙයි. මාගධී භාෂාව පිළිබඳ පුළුල් දැනුමක් හිමි කරගෙන නොසිටි විද්වතකු විසින් කරනලද රචනාවක් වශයෙන්ද සැලකේ. ‘දීපවංශස’ කර්තෘ සිය කෘතිය රචනා කිරීම සඳහා ඉන් පෙර පැවති චේතියවංසට්ඨකථා, මහාචේතියවංසට්ඨකථා, මහාබෝධිවංසට්ඨකථා වැනි හෙළ අටුවා මූලාශ්‍රය කරගෙන ඇතැයි ඔ්ල්ඩර්බර්ග් මහතා සහ විල්හෙල්ම් ගයිගර් මහතා ද මත ප්‍රකාශ කරන අතර ඔටෝ ෆ්‍රෑන්ක් මහතාගේ අදහස වන්නේ, බාහිර කිසිදු ග්‍රන්ථයක ආභාෂය නොලබා ස්වාධීන කෘතියක් වශයෙන් රචනා කරන ලද්දක් බවය.  

#Deepawanshaya #Prasadfonseka #Sinhalapoth #BauddhaGrantha

Weight 0.483 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දීපවංසය”

Your email address will not be published. Required fields are marked *