, ,

පුරාණ වී ගොවිතැන

රු200.00

  • Author : ගාමිණී කන්දේපොළ
  • Publisher: Sooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-955-656-541-6
  • 79 Pages

Availability: 1 in stock

Author : ගාමිණී කන්දේපොළ

Publisher: Sooriya Publishers

First Edition 2021

ISBN 978-955-656-541-6

79 Pages

 

ගාමිණි කන්දේපොළගේ ‘පුරාණ වී ගොවිතැන’ නම් මෙම ග්‍රන්ථය මෙරට පැරැණි ගොවීන්ගේ සාම්ප්‍රදායික ඥානය, චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොටගෙන සම්පාදනය වූවකි. වී ගොවිතැන පිළිබඳව කතුවරයාගේ දැනුම පමණක් නොව පැරැණි ගොවීන් සමඟ වෙසෙමින් ඔවුන්ගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ජීවන රටාව අත් විඳිමින් සහ ඔවුන්ගේ නිපුණතා ද නිරීක්ෂණයෙන් යුතුව කෘතියට පදනම් කොට ගැනීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි. මෙයට ප්‍රථම ගාමිණි ඔහුගේ ජනශ්‍රැති පර්යේෂණ කෘති රාශියකට පාදක කර ගත් හිරියාල හත්පත්තුව සහ තදාසන්න ප්‍රදේශය මෙම ග්‍රන්ථයේ ද පර්යේෂණ භුමිය වී ඇත.

ගොවීන් වගා කන්නයට පෙර සූදානම් වීමේ තැන් පටන් අස්වනු නෙළා ගම්බාර දෙවියන්ට පුද පූජා පවත්වමින් බාර හාර ඔප්පු කිරීම දක්වා වී ගොවිතැන සම්බන්ධ බොහෝ කරුණු කාරණා ගාමිණිගේ ‘පුරාණ වී ගොවිතැන’ කෘතියෙහි විස්තර වෙයි. විශේෂයෙන්ම පැරැණි වී ගොවිතැනේදී භාවිත කෙරෙන ඊට ආවේණික භාෂාව මේ කෘතියේදීද සුමටව යොදා තිබීම වැදගත්ය. ගොවි බස, එහි සිරිත් විරිත්, ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යනය කරන විද්‍යාර්ථින්, සමාජ ගවේෂකයන් ඇතුළු මෙම ක්ෂේත්‍රය ගැන උද්‍යෝගීව , උනන්දුවෙන් කටයුතු කරන සැමටම ප්‍රයෝජනවත් කෘතියකි.

ශාස්ත්‍රවේදී උපාධිධරයකු වන ගාමිණි කන්දේපොළ ජනශ්‍රැති පර්යේෂණ කෘතිවලට අමතරව වැහි බිත්තර, ඉර වර වර, දෙගොඩවාරම වැනි නවකතා සේම සැළමුතු පෙම වැනි කෙටිකතා සංග්‍රහ ද පාඨක ලෝකයට දෙමින් සාහිත්‍ය ලෝකයේ ඉදිරි පියවර තබන නිර්මාණශිලි මාධ්‍යවේදියෙකි. ගවේෂණාත්මක ලේඛකයෙකි.

සිරි රණසිංහ , ලංකාදීප ප්‍රධාන කර්තෘ , අධ්‍යක්ෂ, විජය පුවත්පත් සමාගම

#PuranaVeeGovithana #GaminiKandepola #SinhalaPoth #OnlineBooks

 

Weight 0.101 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ වී ගොවිතැන”

Your email address will not be published. Required fields are marked *