,

නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු (ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)

රු1,000.00

  • Author: එම්.ඕ.ඒ. ද සොයිසා
  • Publisher: Author Publication
  • First Edition 2021
  • ISBN 978-624-97547-0-6
  • 505 Pages

Out of stock

Author: එම්.ඕ.ඒ. ද සොයිසා

Publisher: Author Publication

First Edition 2021

ISBN 978-624-97547-0-6

505 Pages

 

මෙරට දේශපාලන විද්‍යාව විෂයේ බයිබලය ලෙස සැලකිය හැකි  ‘දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත’ නම් කෘතියේ කතුවරයා වන මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසාගේ නවතම කෘතිය වන ‘නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු’ සඳහා පසුවදනක් ලිවීමට ලැබීම ඉමහත් සතුටකි.

‘නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු’ වනාහි මහාචාර්ය සොයිසා විසින් අභිනවයෙන් සම්පාදනය කරන ලද ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පුළුල් විමර්ශනාත්මක හා විශ්ලේෂණාත්මක අධ්‍යයනයකි. මෙම කාලෝචිත ග්‍රන්ථය අප රටේ දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ මෙතෙක් පැවති මහත් හිඩැස පුරවාලීමට සමත්වනවා සේ ම නිදහස් සමාජ ක්‍රමයක ඇති වටිනාකම පිළිබඳ පණිඩුඩයක් ද ගෙන එයි. එබැවින් දේශපාලකයින්, ව්‍යවස්ථා සම්පාදකයින්, ගුරුවරුන්, සිසුන් මෙන් ම නිදහස් සමාජ ක්‍රමයක් ප්‍රාර්ථනා කරන සියලු දෙනාට ම එමගින් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි බව මගේ විශ්වාසයයි.

මහාචාර්ය සොයිසා ඔහු සතු න්‍යායාත්මක දැනුම, ඇසූපිරූ තැන් හා විෂයානුබද්ධ පරිචය ඔහුට ම ආවේණික ව්‍යවහාරික ප්‍රවේශයක් ඔස්සේ සමාජය සමග නොමසුරු ව බෙදාහදා ගන්නා විද්වතෙකු පමණක් නොව පොතපත , සම්මන්ත්‍රණ, ගුවන්විදුලිය, රූපවාහිනිය හා සමාජ මාධ්‍යය ඔස්සේ මහජනයා විසින් වැළඳ ගනු ලැබූ විද්වතෙකි. සිය පරිණත විමංසන බුද්ධියත්, සියුම් පරිකල්පන ඥානයත්, අද්විතීය විශ්ලේෂණයත්, වාග්චාතූර්යයත්, ආවේණික භාෂා විලාසයත්, භාෂා පරිචයත්, නිදහස් චින්තනයත් මහාචාර්ය සොයිසාගේ විද්වත් ලකුණයි.  ‘නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු’ එම සියලු වියත් ගුණාංගයන් අනුසාරයෙන් සම්පාදනය වූ වටිනා කෘතියකි. ශුද්ධ වූ බයිබලය සේ ම ‘නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු’ ද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ කියවීමට හා අධ්‍යයනයට භාජනය වනු ඇතැයි උදක් ම අපේක්ෂා කරමි.

මහාචාර්ය මිල්ටන් රාජරත්න

(B.Com., M.Sc., PhD)

 

#NidahasLokayakaNidahasMinissu #MOADeSoysa #SinhalaPoth #OnlineBooks

 

Weight 0.343 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු (ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)”

Your email address will not be published. Required fields are marked *