, , ,

ශාන්තිනිකේතනයෙන් කයිරෝවට

රු450.00

  • Author : ඊ.ඒ. විද්‍යාසේකර 
  • Publisher : Karthu Publisher 
  • First Edition 2020
  • ISBN 978-624-96150-0-7
  • 132 Pages

Availability: 2 in stock

Author : ඊ.ඒ. විද්‍යාසේකර 

Publisher : Karthu Publisher 

First Edition 2020

ISBN 978-624-96150-0-7

132 Pages

වසර තිහක් ඊජිප්තුවේ කයිරෝ නුවර මධ්‍යස්ථානය කරගත් අප්‍රිකා- ආසියා සහයෝගිතා සංගමයේ ලේඛම් මණ්ඩලයේ ශ්‍රී ලංකා අප්‍රිකා- ආසියා සංගමය ( දැන් මෙම සංවිධානය හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා සාම සහයෝගිතා මණ්ඩලය ලෙසිනි.) නියෝජනය කළ ඊ.ඒ. විද්‍යාසේකර මහතා දේශීය වශයෙන් වාමාංශික ව්‍යාපාරයටත් ජාත්‍යන්තර වශයෙන් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයටත් මෙහෙයක් කළ විද්වතෙකි. 

ඔහු පිලිබඳව මේ කතාව ශ්‍රී ලංකාවේ දේශපාලන සාහිත්‍ය පෝශනය කරන වටිනා කෘතියකි. එය හුදෙක් ඔහු පිළිබඳ චරිතාපදානයක් නොවේ.ඉන්  අදාළ කාලයේ සිදුවූ දේශපාලන හා සමාජීය වර්ධනයන් පිළිබඳ තොරතුරු සමුදායක් අප වෙත හුරු කෙරේ.

අප්‍රිකා ආසියා සහයෝගීතා සංගමයේ  ප්‍රදානියෙකු ලෙස සේවය කළ විද්‍යාසේකර එම සංවිධානය පිළිබඳවත් කයිරෝ නුවර ජීවිතය පිළිබඳවත්  වැදගත් තොරතුරු මෙම ග්‍රන්තයේ ඇතුළත් කොට තිබේ . එම සංවිධානය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ රැස්විම් ඇතුළු ජාත්‍යන්තර සමුළු රාශියකට සහභාගී වීම තුළින් ඔහු ලද අත්දැකීම් මෙහි අන්තර් ගතය.

සෝවියට් සංගමය බිඳවැටීම ඇතුළු මෑත කාලයේ ලෝකයේ සිදුවූ තීරනාත්මක සිදුවීම් පිළිබඳව ඔහු කරන විවරණයන්  නූතන ජගත්  ක්‍රියාදාමයන් වටහා ගැනීමට ඉවහල් වනු ඇත.

මේ ලෙසින් බලන කළවත්මනයේදී සිය දිවියේ සැඳෑ සමය ගෙවන විද්‍යාසේකරයන්ගේ මතක සටහන් තත්කාලීන දේශීය හා ජාත්‍යන්තර පරිවර්ථනයන් අවබෝධ කර ගැනීමට උපකාරී වනු නිසැකය.

                                                                                                                       රාජා කොල්ලුරේ

                                                                                                                    ඌව පළාත් ආණ්ඩුකාරවර

#ShanthiNikethanayenCairowata #EAWidyasekara #DeshapalanaGrantha 

 

Weight 0.164 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශාන්තිනිකේතනයෙන් කයිරෝවට”

Your email address will not be published. Required fields are marked *