, ,

ජාත්‍යනුරාගය

රු400.00

  • Author – කේ.එන් ඔි. ධර්මදාස
  • Publisher – Visidunu Publishers
  • Second Batch 2007
  • ISBN 955-9170-50-3
  • 290 Pages

Availability: 3 in stock

Author –කේ.එන් ඔි. ධර්මදාස 

Publisher – Visidunu Publishers

Second Batch 2007

ISBN 955-9170-50-3

290 Pages

 

මේ කෘතිය ඉතිහාසය, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාග්විද්‍යාව, භූගෝලය වැනි විෂය ක්ෂේත්‍ර රැසක් පුරා පැතිර යන, විෂය ක්ෂේත්‍ර රැසකට අදාළ වන, ඉතා වැදගත් අධ්‍යයන ක්ෂේත්‍රයක් පිළිබඳ ව සවිස්තර ග්‍රන්ථයක් සිංහලයෙන් පළ වී නොතිබීමේ අඩුව සපුරාලන්නට දරනු ලැබූ පුරෝගාමී ප්‍රයත්නයකි; ඒ හා සමඟ ම අද අප රට මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්න හා බැඳුණු විෂය ක්ෂේත්‍රයක් මුල් කරගෙන කලක් මුළුල්ලේ කැරුණු ශාස්ත්‍රීය පර්යේෂණ රැසක ප්‍රතිඵල පාඨකයා හමුවට ගෙන එන්නකි. ශ්‍රී ලංකාව විෂයයෙහි ජාතිකත්වය පිළිබඳ මෙ තෙක් සංගෘහිතව ඇති විශිෂ්ටතම තොරතුරු සමුදාය අන්තර්ගත ව ඇති මේ කෘතිය ඒ හා සමගම ජාතිකත්වය හා බැඳුණු විවිධ සංකල්ප පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් ද අප ගේ ජාතික අර්බුදය අන්තර්ජාතික අත්දැකීම් හා සංසන්දනාත්මක ලෙස දැකගැනීමේ අවස්ථාව ද පාඨකයාට හිමි කර දේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සිංහල මහාචාර්ය ධුරය හොබවන කේ. එන්. ඕ. ධර්මදාස මහතා සමාජවිද්‍යාව හා ජාත්‍යනුරාගී ව්‍යාපාර යන විෂය ක්ෂේත්‍රයන්හි චිරපරිචිත ඥානයකින් යුතු ව ශාස්ත්‍රීය පර්යේෂණෙයහි නිරත වුවතකු ලෙස ප්‍රකට ය. ඔහු සිය ආචාර්ය උපාධිය ලබාගත්තේ ද The Rise of Sinhalese Language Nationalism: A Study in the Sociology of Language’ යන මැයෙන් ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධය (ඕට්‍රේලියාවේ මොනෑෂ් සරසවිය, 1979) පාදක කරගනිමිනි. ඒ නිබන්ධයේ සංස්කරණයක් ‘Language, Religion, and Ethnic Assertiveness: The Growth of Sinhalese Nationalism in Sri Lanka’ යන මැයෙන් ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය මගින් 1992 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සිංහල ජාත්‍යනුරාගී ව්‍යාපාරය අලළා රචිත විශිෂ්ටතම මෙන් ම පුරෝගාමී ග්‍රන්ථය ලෙස සැලකේ. ශ්‍රී ලාංකික අධ්‍යයනයන්හි නිරත බොහෝ විදේශීය උගතුන් සිංහල ජාත්‍යනුරාගයේ පදනම පිළිබඳ ව ස වනයෙන් සැලකු මතවාද ප්‍රශ්න කරමින් ධර්මදාස මහතා විසින් ලියන ලද The People of the Lion: Ethnic Identity, Ideology and Historical Revisionism in Contemporary Sri Lanka’ (1992) හා ‘The Roots of Sinhala Ethnic Identity in Sri Lanka’ (1996) යන ලිපි දෙක විද්වත් ලෝකයේ නොමඳ අවධානයට ද පැසසුමට ද පාත්‍ර විය.

 

#Jaathyanuragaya #KNODharmadasa #SinhalaPoth #OnlineBooks

Weight 0.344 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජාත්‍යනුරාගය”

Your email address will not be published. Required fields are marked *