Author: කුමාර සිරිවර්ධන
The O’Sullivan Twins (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Susara Publishers
First Edition 2020
ISBN 978-955-33-1139-9
184 Pages
“ පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවකවූ මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්… එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි.”
කදිම පාසල පොත් පෙළේ දෙවැන්න ඔබ අතට පත් වී තිබේ. ඕ’ සලිවන් නිවුන් දැරියන් දෙදෙනා ශාන්ත ක්ලෙයාර් බාලිකාවට පැමිණෙන්නේ නොකැමැත්තෙන් යුතුවය. පලකට නැති පාසලක් ලෙස ඔවුන් මුලින් සිතුවත් ක්‍රමයෙන් ඔවුන් වටහා ගන්නේ එය විශිෂ්ට බාලිකා විද්‍යාලයක් බවය.
කදිම පාසල පොත් පෙළට පාදක වන ඉනිඩ් බ්ලයිටන්ගේ St. Clares පොත් පෙළ එම ලේඛිකාව සේම ලොව පුරා ජනප්‍රිය වූවකි. ගුණගරුක සත්‍යයම අගයන වගකීම උසුලන දරුවන් ගැන මෙම පොත් පෙළෙන් විස්තර වෙයි.
විසිවැනි සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස ඉනිඩ් බ්ලයිටන් සැලකුම් ලබයි. ඇය සිය ජීවිත කාලය ඇතුළත ලියා ඇති පොත් ගණන හයසීයයකට වඩා වැඩිය. ඒ හැර ඇය ළමා ගී, ළමා කවි හා ළමා නාට්‍ය විශාල සංඛ්‍යාවක් රචනා කර තිබේ. 1987 අගෝස්තු 11 දා ලන්ඩන් නුවර ඉපිද 1968 වසරේ දී මෙලොව හැරගිය ඉනිඩ් දිනකට වචන දස දහසක් පමණ ලියූ බව අන්තර්ජාලයේ සඳහන් වෙයි. ඇය ලොව විසූ වේගයෙන්ම ලියූ ලේඛිකාවක් ලෙසද සැලකුම් ලබන්නීය.
සිය පොත්වලදී ඉනිඩ් ළමයින්ගේ යහපත් චර්යා රටා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව පෙනීයයි. ඇය එම යහපත් චර්යා රටා පිළිබඳ තම කතා හරහා ළමයින්ට අවවාද දෙන්නේ නැත. එම චර්යා රටා ඇය ඇගේ ළමා වීර චරිතවලට බද්ධ කරවයි.
කුඩා අවදියේදී අපි ඉනිඩ් බ්ලයිටන් කෘති ඉංග්‍රීසි බසින් කියවා මහත් රසයක් වින්දෙමු. එම පොත් කියවීම අපට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නට ද මහත් පිටිවහලක් වූයේය. ඔබ මෙහි ඉංග්‍රීසි……..
#KadimaPasaleVeerawariya #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth
Reviews
There are no reviews yet.