, ,

කදිම පාසලේ දුෂ්ට පාලිකාව

රු380.00

  • Author: කුමාර සිරිවර්ධන
  • Claudine at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2020
  • ISBN 978-955-33-1142-9
  • 183 Pages

Availability: 1 in stock

Author: කුමාර සිරිවර්ධන

Claudine at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2020

ISBN 978-955-33-1142-9

183 Pages

“ කදිම පාසලේ මිත්‍රශීලි නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේළාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…? ”

ඉනිඩ් බ්ලයිටන් ගේ කෘති අද මෙරට ළමා පරපුර අතර මහත් ජනප්‍රියත්වයක් ලබා තිබේ. ළමයින් වෙනුවෙන් පොත් හයසීයයක් පමණ ලියා ඇති ඉනිඩ්, දසක ගණනාවක් තිස්සේ සඟරාවලට ලියූ ලිපි, ළමා කවි, ළමා ගී සහ ළමා නාට්‍ය තවත් සිය ගණනකි. අන්තර්ජාලයේ දැක්වෙන්නේ ඇය දිනකට වචන දස දහසකට වඩා ලියූ ලේඛිකාවක් බවයි. ඉනිඩ් බ්ලයිට්න් බ්‍රිතාන්‍යයේ බිහි වූ විශීෂ්ටතම, සාර්ථකම නවකතාකාරියක ලෙස පිළිගැනෙයි. එමෙන්ම ඇය විසි වැනි සියවසේ මෙලොව විසූ වේගවත්ම ලේඛිකාව ද වෙයි.

1897 අගෝස්තු 11 දා ලන්ඩනයේ උපත ලද ඉනිඩ් වේගවත් ලේඛිකාවක් ලෙස නම් ලැබූවද ඇගේ ජීවිතයේ අවසාන කාලයේදී ඇයගේ ලිවීම වේගයෙන් අඩාල වූයේය. ඊට හේතුව ඇය අල්සයිමර් රෝගයෙන් පීඩා විඳීමයි. මේ විශිෂ්ට ලේඛිකාව 1968 දී මෙලොව හැර ගියා ය.

මේ ඔබ අතට පත්ව තිබෙන්නේ ඉනිඩ් බ්ලයිටන්ගේ St. Clare’s  පොත් පෙළේ පස් වැනි පොතේ සිංහල පරිවර්තනයයි. නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මිතුරියන් මූලික කරගෙන බාලිකා විද්‍යාලයක සිදුවන රසවත් හා හරවත් සිද්ධීන් රැසක් ඉනිඩ් මෙම පොත් පෙළ හරහා පාඨක ඔබ වෙත ඉදිරිපත් කරයි. ඉනිඩ්ගේ ළමා නවකතා අතරින් St. Clare’s  පොත් පෙළ බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව අනෙකුත් බොහෝ රටවල ද මහත් ජනප්‍රියත්වයක් ලැබුවේ වෙයි. ළමයින් වර්ධනය කරගත යුතු යහගුණ සහ ඉවත් කර දැමිය යුතු දුර්ගුණ පිළිබඳ ඉනිඩ්‍ මෙම පොත් පෙළ හරහා කතා කරන්නේ අවවාද සපයන ආකාරයට වනාව කතා රසය ද මිශ්‍ර කරමිනි.

සුසර ප්‍රකාශන කළමනාකාර අධ්‍යක්ෂ කපිල වික්‍රමසිංහ මහතා නිතර ළමා පරපුරට කියවීම සඳහා හොඳම පොතක් බිහි කිරීමට වෙහෙසෙන්නෙකි. කදිම පාසල් පොත් පෙළ සිංහලයට පරිවර්තනය වූයේ ද ඒ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව බව මෙහි සඳහන් කරන්නේ කෘතඥතා පූර්කවය.

#KadimaPasaleDushtaPalikawa #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.220 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කදිම පාසලේ දුෂ්ට පාලිකාව”

Your email address will not be published. Required fields are marked *