,

සෝවාන් ඵලයෙහි මහිමය – නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම් 2

රු450.00

  • Author – සමුද්‍ර වෙත්තසිංහ
  • Publisher – samudra weththasingha Publisher
  • First Edition 2022
  • ISBN 978-624-5846-04-7
  • 183 Pages

Out of stock

Author – සමුද්‍ර වෙත්තසිංහ

Publisher – samudra weththasingha Publisher

First Edition 2022

ISBN 978-624-5846-04-7

183 Pages

 

සමුද්‍ර වෙත්තසිංහ නම් නිර්මාණශීලී ලේඛකයාගේ ආධ්‍යාත්මික නැඹුරුව මා මුල් වරට දුටුවේ ඔහුගේ “ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි” ග්‍රන්ථයෙනි. මුලදී බුදුබව පැතු උතුමෙකු වූ උන්වහන්සේ පවා පසුව අදහස් වෙනස් කර සෝවාන් ව අපවත් වූ බව මේ ලේඛකයා සිය ලිපි මගින් අනාවරණය කළේය. නාහිමියන්ගේ මගපෙන්වීම අනුව පාසල් වියේ සිටම ඔහු ධර්මය අධ්‍යයනය කරමින්, ධර්ම පර්යේෂණයෙහි යෙදී සිටී. මේ කෘතියේ විශේෂත්වය නම් බුද්ධ කාලයේදී මෙන්ම අදත් සෝවාන් මගඵල ලැබූවන් සිටින බව පෙන්වා දෙන අතර සාම්ප්‍රදායිකව දෙව් මිනිස් සැප කෙළවර නිවන් දැකීමට බලා නොසිට මේ භවයේදී ම, ඒ මගේ මුල් පියවර වූ සෝවාන් බවට පැමිණීමට පාඨකයන් පෙළඹවීම ය. අප කා තුළත් එම ශක්තිය සැඟවී පවත්නා බැවින් ආත්ම විශ්වාසයෙන් යුතුව වහ වහා නිවන් මගේ ඉදිරියට යාමට ඔහු අප දිරීමත් කරන්නේ ජීවමාන ආර්ය පුද්ගලයන් සාධක කරගනිමිනි. එහිදී ලේඛකයා පෙළ අටුවා හා ප්‍රකරණ සාහිත්‍යයෙන් උපුටා දක්වන කරුණු ශාස්ත්‍රීය ය; විශ්වසනීය ය; විශ්මයජනක ය.

ආචාර්ය ගැමුණුසිරි ගමගේ (ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

 

#SoowanPalayehiMahimaya #SamudraWeththasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෝවාන් ඵලයෙහි මහිමය – නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම් 2”

Your email address will not be published. Required fields are marked *