, ,

සුදු රටේ කළු ගැහැනු

රු1,200.00

  • Author:  සුනිලා විජේසිංහ
  • Girl,Woman,Other (by Bernadine Evaristo) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  • First Edition 2021
  • ISBN 978-955-31-2421-0
  • 583 Pages

Availability: 2 in stock

Author:  සුනිලා විජේසිංහ

Girl,Woman,Other (by Bernadine Evaristo) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

First Edition 2021

ISBN 978-955-31-2421-0

583 Pages

2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩින් එවරිස්ටෝගේ ‘ Girl , Woman , Other ‘ නවකතාව එකිනෙකට ඉඳුරාම වෙනස් චරිත දොළහක ජීවන අරගලය පිළිබිඹු කරයි . ඔවුහු සියලු දෙනාම බ්‍රිතාන්‍ය කළු ජාතික ගැහැනු වෙති . 

 

ඔවුන් රටේ සතර දිග් බාගයේ විසිරී හිඳිමින් සිය පවුලේ සාමාජිකයන් ද , ඥාතීන්ද , මිතුරු මිතුරියන් සහ ආදරවන්තයන්ද ඇසුරේ කාලාන්තරයක් පුරා විඳි අත්දැකීම් මුදා හරින්නට ලේඛිකාව පෑන මෙහෙයවා ඇත්තේ ඉතා දක්ෂ ලෙසටය . 

 

බහු වාර්ගික සමාජයක් තුළ ඔවුන් අත්දකින ඒ අපූර්ව වූ සංසිද්ධීන් පාඨකයාගේ සිත නිරන්තරවම විස්මයටත් , කම්පනයටත් පත් කරවයි . 

 

‘සුදු රටේ කළු ගැහැනු’ නුතනයේ වියමනකි . එහි ප්‍රබලත්වය සහ විවෘත හැඟීම් ප්‍රකාශනය කියවන්නාගේ කල්පනා ලෝකය මුළුමනින්ම වෙනත්ම දිශානතියකට යොමු කරවන්නට සමත් වේ . 

 

බ්‍රිතාන්‍ය නයිජීරියානු සම්භවයක් ඇති කතුවරිය බුකර් සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබූ ප්‍රථම කළු ජාතික ලේඛිකාව ලෙස ඉතිහාසයට එක්වන්නීය . සාහිත්‍ය ක්‍රියාකාරිනියක ලෙස මෙම ග්‍රන්ථය තුළින් කළු ජාතිකයන් වෙනුවෙන් ඇය සිදු කොට ඇත්තේ අගනා මෙහෙවරකි .

 

#SuduRateKaluGahanu #SunilaWijesingha # BernadineEvaristo #SinhalaNawaKatha

 

Weight 0.655 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුදු රටේ කළු ගැහැනු”

Your email address will not be published. Required fields are marked *