, , ,

ස්වාමි සහ මිතුරෝ

රු400.00

  • Author: ගුණතිලක මැටියගනේ
  • Swami & Friends (by R K Narayan) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2015
  • ISBN 978-955-967-108-8
  • 200 pages
  • අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් පුස්තකාල සදහා නිර්දේශිත ග්‍රන්තයකි.

Availability: 1 in stock

Author: ගුණතිලක මැටියගනේ

Swami & Friends (by R K Narayan) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2015

ISBN 978-955-967-108-8

200 pages

අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් පුස්තකාල සදහා නිර්දේශිත ග්‍රන්තයකි.

ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් මෙන් ම නාරායන් ද හිතේ කිසිදු මහන්තත්වයක් නොමැතිව කියා හිටින්නේ තමන් කතාන්දර කලාවේ අකුරු කියැවූයේ තම මිත්තනියන්ගේ ඇකයෙහි සිට බවය. ඒක සැබැයි, සැබැයි, සැබැයි. නාරායන් තම කතාන්දර කලාවට 1935 දී අත ගසන්නේ “Swami & Friends“ නම් ළමා (යොවුන්?) නවකතාව රචනා කරමිනි. එහි ප්‍රධාන චරිතය වන ස්වාමිට ද මිත්තණියක් සිටී. දස හැවිරිදි ස්වාමි කෙළි සෙල්ලමට ද දඟකාරකම්වලට ද නම් දැරූවෙකි. ගුරු දෙගුරුන්ට ‘බෝල බස්සා‘ ගෙදරිනුත් පාසලිනුත් පැනගැනීම ඔහුට කජු කන්නා වගේය. ඒ උප්පරවැට්ටියේ මල්පල ගැන්වෙන්නේ ඔහු තම මිතුරුකැල මෙහෙයවමින් MCC ය හෙවත් ‘මල්ගුඩි ක්‍රිකට් සමාජය‘ පිහිටුවාගෙන දහස් ගණනක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමිනි.

මේ කියන කාල වකවානුවේ ම රට පුරා පැතිර යන ඉන්දියානු දේශප්‍රේමි නිදහස් අරගලයේ රැල්ල පාගන්නට මේ නව යොවුන් ස්වාමිට අවස්ථාව යෙදේ.

දඟකාර කොලු ගැටයකුගේ කොලුකම් තුළින් බාහිර ලෝකයේ දොරගුලු විවර කර පෙන්වන්නට නාරායන් ගන්නා මේ උත්සාහය අගය කරන ග්‍රැහැම් ග්‍රීන් නම් ප්‍රකට බටහිර ලේඛකයා කියන්නේ මෙය නවකතා දහස් ගණනක් අතුරින් ඉහළ ම තැනක තබා කතා කළ යුතු කෘතියක් බවය.

#SwamiSahaMithuro #GunathilakaMatiyagane #Malgudi #ForKids #ReadingForKids #SinhalReadingForKids

WhatsApp us