Author – නන්දසේන රත්නපාල
Publisher – Godage Publishers
Eight Batch 2020
ISBN 978-955-30-4453-2
344 Pages
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මහත් වෙහෙසක් දරා ලියන ලද සමාජ විද්‍යා පර්යේෂණ මුලධර්ම මෙම ක්ෂේත්රයෙහි සිංහලයෙන් පළවී ඇති මුලික කෘතියක් ලෙස අවිවාදයෙන් සැලකිය හැකිය.
ක්ෂේත්රයට ගොස් සමාජ විද්‍යා හා මානව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විවිධ පර්යේෂණ කොට ඇත්දැකීම් ලබා තිබෙන මහාචාර්ය රත්නපාල මහතා මෙවැන්නක් ඉටු කිරිමට සෑම අතින්ම සුදුසුකම් ලැබූ උගතෙකි. විශේෂයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණ වගකීමකින් තොරව ඉටු කළ නොහැකිය. එය මනාව වටහාගෙන ලියා ඇති මෙම ග්‍රන්ථයේ පර්යේෂණ මූලධර්ම, දත්ත එක්රැස් කිරීමේ ක්‍රම, දත්ත විශ්ලේෂණය හා සහභාගීත්ව නිරික්ෂණය ඇතුළු එම විෂයයට සම්බන්ධ නවීන පර්යේෂණ පිළිබඳ වැදගත් තොරතුරු දක්වා තිබීම පාඨක ප්‍රයෝජනයට ඉමහත් සේවයක් වේ. මේ අලුත් මුද්‍රණයේ පර්යේෂණ පිළිබඳ සෑම වැදගත් තොරතුරක්ම එකතු කොට තිබීම නිසා පොතේ වටිනාකම වැඩි දියුණු කරන්නේය.
සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ දශක හතරක පමණ කාලයක් තුළ ලබා ගත් න්‍යායික හා ප්‍රායෝගික දැනුම ඉවහල් කරගෙන සංගෘහිත වී ඇති මෙම පොත විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාව ඇතුළු සමාජ ශාස්ත්‍ර විෂයයන් සඳහා උපාධියට පෙනී සිටින අයට පමණක් නොව, සංවර්ධන ප්‍රතිපත්ති සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන අයට ද සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්රයෝජනවත්ය. සමාජ විද්‍යාව උසස් පෙළ පොදු සහතික පත්‍ර පරීක්ෂණයට ද විෂයයක් ලෙස අනුමත වී ඇති මෙම අවස්ථාවේ මේ ග්‍රන්ථයෙන් පාසල්වල ඉහළ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබාගත හැකි දැනුම් සම්භාරය ඉමහත්ය.
නන්දසේන රත්නපාල මහතා ශ්‍රී ලංකාවේ කවර විශ්වවිද්‍යාලයකින්වත් මෙතෙක් වෙනත් අයෙකු දිනා නොගත් පර්යේෂණ සහිත (සම්මත නොවන) සාහිත්‍යසූරි උපාධිය ලබාගත් එකම තැනැත්තා බව පමණක් සඳහන් කිරීම මෙහිදී උචිත යැයි හගිමි,
බී. ඒ. ටෙනිසන් පෙරේරා , මහාචාර්ය/සමාජ විද්‍යා හා මානව විද්‍යා
#SamajaVidyaParyeshanaMooladharma #NandasenaRathnapala #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.