,

සමාජ විද්‍යා අධ්‍යයන ක්‍රම

රු650.00

  • Author – ඩී. එම් .එස් ධම්මික බණ්ඩාර
  • Publisher – Godage Publishers
  • First Edition 2019
  • ISBN 978-955-30-9786-6
  • 288 Pages

Availability: 1 in stock

Author – ඩී. එම් .එස් ධම්මික බණ්ඩාර

Publisher – Godage Publishers

First Edition 2019

ISBN 978-955-30-9786-6

288 Pages

 

ලෝකයේ බිහි වූ විද්‍යාවන් අතර සමාජ විද්‍යාවට හිමිවන්නේ විශේෂ තැනකි. එයට හේතුව පුද්ගලයාගේ ලෞකික සහ අලෞකික දෙයාංශයට ම පොදුවේ ආමන්ත්‍රණය කළ හැකි විෂයක් වීමය. ලෞකික ජීවනාලිය තුළ අලෞකිකත්වය නිර්මාණය වේ. ඒ සදහා බලපාන්නේ චර්යාධර්ම නම්, චර්යාධර්ම යනු සමාජ සත්වයාගේ පැවැත්මයි. පැවැත්ම තීරණය වන්නේ පුද්ගලයාගේ සමාජානුයෝජන ක්‍රියාවලිය සමඟයි. මෙම ක්‍රියාවලිය අධ්‍යයනය කිරිම සදහා සමාජ විද්‍යාව අත්‍යාවශ්‍යය.

සමාජ සත්වයෙක් වටා ගෙතී ඇති බැඳීම් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට සහ සමාජ ප්‍රගමනයට බලපාන අයුරු සොයා බැලිය යුතුය. බින්න පෞරුෂත්වයක් හිමි පුද්ගලයෙක් සමාජ අපගාමී ක්‍රියාවල නිරත විම සාමාන්‍ය ක්‍රියාවලියක් විය හැකිය. නමුත් දිගින් දිගටම එවන් පෞරුෂත්වයක් හිමි පුද්ගලයන් බිහිවන්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතුය. සමාජීය විද්‍යාවන් මගින් පුද්ගලයා පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ මගින් විවරණය කර ගනියි.

යථොක්ත කාරණාව පසක් කරනු වස් ඩී. එම්. එස්. ධම්මික බණ්ඩාර මහතා සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව, මෙන්ම බොහෝ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ දැනුම උත්පාදනය කොට ශාස්ත්‍රීය ලොවට ආලෝකයක් සපයන ලදි. ඒ පිළිබඳ බෙහෙවින් සතුටුවෙමි. දැනුම සොයන ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙකුට මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වනු ඇත. ධම්මික බණ්ඩාර මහතාට තව තවත් ශාස්ත්‍රීය කටයුතුවල නියැළීමට ශුභාශිංසනය පළ කරන අතර අනාගත කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය සංජය හුලත්දූව,  විශේෂඥ අධිකරණ වෛද්‍ය, අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

 

#SamajaVidyaAdyayanaKrama #DMSDhammikaBandara #SinhalaPoth #OnlineBooks

WhatsApp us