,

සමාජ ගවේෂී ශාස්ත්‍රීය සංග්‍රහය

රු650.00

  • Author – ඩී. එම්. එස්. ධම්මික බණ්ඩාර
  • Publisher – Godage Publishers
  • First Edition 2015
  • ISBN 978-955-00-30-5754-9
  • 240 Pages

Availability: 1 in stock

Author – ඩී. එම්. එස්. ධම්මික බණ්ඩාර

Publisher – Godage Publishers

First Edition 2015

ISBN 978-955-00-30-5754-9

240 Pages

 

ඉතාලියේ විසූ සමාජ දේශපාලන චින්තකයකු වූ අන්තෝනියෝ ග්‍රාමස්චිගේ අර්ථකථනයට අනුව “ලෝකයේ බුද්ධිමතුන් යනුවෙන් විශේෂ කොටසක් නොමැත. සෑම අයෙකුටම ලෝක දැක්මක් ඇත” යනුවෙන් ප්‍රකාශ කර තිබේ. අවශ්‍ය වන්නේ එම ලෝක දැක්ම විවිධ සාකල්‍යය ප‍්‍රවේශයන්ගෙන් මුවහත් කරමින් ඉදිරිපත් කිරීමය. මන්ද ඥානය විචාරාත්මකව නැවත නැවත හෙළිදරව් කරගත යුතුය. ඥානය එන්නත් කළ නොහැකිය. බුද්ධිය යනු එක් පැත්තකින් විචාරණයයි. ඒ සඳහා සමාජය විවෘත සංවාද මණ්ඩපයක් විය යුතුය. “සමාජ ගවේෂී ශාස්ත්‍රීය සංග්‍රහය” එළි දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද පීඨයේ උපාධිධාරියෙකු වූ ඩී. එම්. එස්. ධම්මික බණ්ඩාර ශාස්ත්‍රීය සහ පර්යේෂණාත්මක සංග්‍රහයක් එළි දක්වමින් උක්ත අවශ්‍යතාව සඳහා යම් යුතුකමක් සාධනය කර තිබේ. ඒ ධෛර්යවන්ත වැයම ට සුභාශිංසනය කරන්නෙමි.

නෙරංජි විජේවර්ධන, අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

#SamajaGaveshiShasthriyaSangrahaya #DMSDhammikaBandara #SinhalaPoth #OnlineBooks

WhatsApp us