යකඩ සිල්පර + මා + අතකින් අම්මා ය අතකින් මෙරමා ය + කාල නදී ගලා බසී +අදිසි නදිය
සාමාන්‍ය මිල – රු.4600/=
අපේ මිල – රු.4370/=
යකඩ සිල්පර
Author : විමල් උදය හපුගොඩආරච්චි
Publisher : Fast Publishing (Pvt) Ltd
Fourth Batch 2018
ISBN 978-955-677-635-5
295 Pages
දිගින් අඩි 30ක් පමණ වු හොණ්ඩර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය. එහෙත්, මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය. එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි. ඔහු මා ද දෑතින් ඔසවා විසි කළේය. ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුව ද, ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය. ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත. එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය. මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.
#YakadaSilpara #VimalUdayaHapugodaarachchi #SinhalaPoth
කාල නදී ගලා බසී
Author: නෝබට් අයගමගේ
Publisher: Fast Publishing (Pvt) Ltd
Fifth Batch 2020
ISBN 978-955-677-248-7
436 Pages
හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප්රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණසේවා සභාව පැවැත් වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්‍ය රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනී.
අසූව දශකයේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහය, ‘සිළුමිණ’, ‘දිනමිණ’, ‘තරුණි’, ‘යොවුන් ජනතා’, ‘නවලිය’, ‘විචිත්‍ර’, ‘කලා’, ‘රසඳුන’, ‘සළරුව’, ‘සරසවිය’ සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතෙම ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු සහ විචිත්රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි.
චිත්‍රපට ප්‍රචාරණයට අදාළ වෙළෙඳ දැන්වීම් සහ ප්රචාරක ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනි වැඩසටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි.
වනසත්ව ජීවිත අලළා පිළියෙල වන ස්වාධීන රූපවාහානියේ “වයිල්ඩ් ඒසියා” වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය.
“කාල නදී ගලා බසී” ඔහුගේ ප්‍රථම නවකතාවයි.
#KalaNadeeGalaBasi #NorbetAyagamage #SinhalaPoth # SinhalaNawakatha #OnlineBooks #OnlinePoth
මා
Author : චූලාභය ශාන්ත කුමාර හේරත්
Publisher : Fast Publishing (Pvt) Ltd
FifthBatch 2019
ISBN 978-955-677-785-7
355 Pages
ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත හේතු කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩදිය යුතුය. එය කාන්තාර මෙන්ම, කෙම්බිම් පසුකරමින් නන්නාඳුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද ඒ මොහොත විසින්ය.
#Maa #ChulabhayaShanthaKumaraHerath #Nawakatha #SinhalaPoth
අතකින් අම්මා ය අතකින් මෙරමා ය
Author : පී.බී. ජයසේකර
Publisher : Fast Publishing (Pvt) Ltd
Second Edition 2020
ISBN 978-955-677-919-6
344 Pages
මෙය පී බී ජයසේකරගේ හයවැනි නවකතාවයි.
ඔහුගේ සියළු ම නවකතා මෙරට සම්මාන සඳහා නිර්දේශ විය. 2019 පළ කළ ‘මා ප්‍රති. මා’ විදුදය, ගොඩගේ සහ රාජ්‍ය සම්මානයන් හි අවසන් වටය තෙක් පැමිණියේ ය. ‘ඉක්බිතිව ඔහු මරාපීහ’ 2016 වසරේ හොඳ ම නවකතාව වශයෙන් ගොඩගේ සම්මානයට පාත්‍ර විය. ‘මරියා සිලොනිකා වස්තුව’ ඔහුගේ පළමු නවකතාව, ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි ජනහද දිනාගත් නවකතාවකි. ‘අවලමා සහ ඇහැටුව’ රාජ්‍ය සම්මාන අවසාන නවකතා තුන දක්වා පැමිණී අතර ‘බලව, කඳුළු ගිනි ගනී!’ ෆෙයාර් වේ සම්මාන අවසාන නවකතා පහ තුළ රැදිණි.
ඒ සියල්ල යම් අයුරකින් සත්‍ය සිදුවීම් හා බැඳී නවකතායි.
එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකු ආරාමයකට ගොඩ වැඳෙනව. මේ ළමුන් දෙදෙනා, පසු කලෙක, අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගක් දිගේ දෙආකාරයකින් තම අතීතය සොයාගෙන යනව. එය අපමණ හැල හැප්පීම් ඇති දුක්බර ගමනක්. කෙළවර ඒ එක ම අතීතයයේ දී, දෙදෙනා එකිනෙකාට හමු නොවී දෙආකාරයකින් වෙන්වෙනව. ‘අතකින් අම්මා ය, අතකින් මෙරමා ය’ සත්‍ය සිදුවීම් දෙකක් හා බැඳුණු නවකතාවකි.
#AthakinAmmayaAthakinMeramaya #PBJayasekara #SinhalaPoth #SinhalaNawakatha
අදිසි නදිය
Author : කපිල කුමාර කාලිංග
Publisher : Fast Publishing (Pvt) Ltd
Eleventh Batch 2020
ISBN 978-955-677-798-7
328 Pages
කපිල කුමාර කාලිංග විසින්
මෙයට පෙර රචිත
‘පියැසි කවුළුව’ , ‘කන්දේ වීදිය’ හා
‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා
පාඨක විචාරක ප්‍රසාදය
දිනා ගැනීමට සමත් විය.
මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින්
සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට
පාඨකයා කැඳවා ගෙන යයි.
මායාරූපී ප්‍රබන්ධය,
අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,
දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී
සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා
‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි
සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.
එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා
අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරේ
පවත්නා නිරන්තර අරගලය ද
‘අදිසි නදිය’ දෑලේ නිරූපණය වෙයි.
#AdisiNadiya #KapilaKumaraKalinga #SinhalaPoth #SinhalaNawakatha
Reviews
There are no reviews yet.