,

ශ්‍රී ලංකාවේ හරයාත්මක හා කාර්ය පටිපාටික නීති පිළිබඳව ප්‍රයෝගික විශ්ලේෂණයක්

රු450.00

  • Author – නීතිඥ බී. කේ . ප්‍රභාත් චන්ද්‍රකීර්ති
  • Publisher – Godage Publishers
  • First Edition 2021
  • ISBN 978-624-00-0894-5
  • 124 Pages

Out of stock

Author – නීතිඥ බී. කේ . ප්‍රභාත් චන්ද්‍රකීර්ති

Publisher – Godage Publishers

First Edition 2021

ISBN 978-624-00-0894-5

124 Pages

 

නීතිඥවරයකු වන බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරා ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ මහතා දැනට කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් සේවය කරනු ලබයි.

ඒ මහතාගේ මෙම ග්‍රන්ථය ඉතා සරල හා පහසු භාෂාවෙන් ඔප්නැංවීම හේතුවෙන් නීති විෂය හදාරන නීති ශිෂ්‍යයන්ගේ මෙන්ම නීති වෘත්තිකයන්ගේ ද හරයාත්මක හා කාර්ය පටිපාටික නීතිය පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම සඳහා ඉමහත් රුකුලක් වන බව නොඅනුමානය මෙම කෘතියෙන් නඩුකරයන් පිළිබඳව හරයාත්මක නීතිය, සාක්ෂි ආඥාපනත අදාළ කර ගැනීම, අපරාධ නීතිය හා කාර්යපටිපාටික නීතිය, ලඝු නොවන නඩු කාර්යපටිපාටික හා අධි චෝදනා පත්‍ර ගොනු කිරීම පිළිබඳ සරලව පහැදිලි කර ඇත.

එසේම නීතිය හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා ලෙස විශ්ලේෂණය කරමින් නීති ප්‍රතිසංස්කරණය සඳහා යෝජනාවන්ද ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම නඩු ප්‍රමාදයකින් තොරව විභාග කොට අවසන් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂ කිරීමේ වැඩ පිළි‍වෙළවල් හා නූතන තාක්ෂණය අධිකරණ ක්‍රියාවන් සඳහා යොදවා ගත හැකි ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට උත්සහා දරා ඇත. කතුවරයා විසින් අදාළ නඩුකරයන්, කාර්යපටිපාටික හා හරයාත්මක නීතියද නිසි ලෙස පරිශීලනය කරමින් ග්‍රන්ථය ඉමහත් සාර්ථකව ඉදිරිපත් කර ඇත.

ජනාධිපති නීතිඥ සුහද ගම්ලත්,  සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති, හිටපු සොලිසිටර් ජනරාල්

 

#SriLankaweHarayathmakaHaKaryaPatipatika #BKPrabathChandrakeerthi #SinhalaPoth #OnlineBooks

Weight 0.172 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ හරයාත්මක හා කාර්ය පටිපාටික නීති පිළිබඳව ප්‍රයෝගික විශ්ලේෂණයක්”

Your email address will not be published. Required fields are marked *