,

මරණය මරණ පරීක්ෂණය සහ ලියාපදිංචිය

රු320.00

  • Author – සරත්චන්ද්‍ර කොඩිකාර
  • Publisher – Dayawansa Jayakodi
  • Second Batch 2017
  • ISBN 978-955-686-149-5
  • 136 Pages

Out of stock

Author – සරත්චන්ද්‍ර කොඩිකාර

Publisher – Dayawansa Jayakodi

Second Batch 2017

ISBN 978-955-686-149-5

136 Pages

 

කුරුණෑගල මලියදේව පිරිමි විදයාලයයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ගෞරව සහිතව ලබාගත්තේය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි  ඩිප්ලෝමාවත් (Diploma in Legal Medicine), අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශන විශාරද (Doctor of Medicine) උපාධියක් ලබා ගන්නා ලදී. පසුව ඔහු කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයයේ සායනික සහ පර්යේෂණ ශිෂ්‍යත්වධාරියකු විය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකුද වේ. ශ්‍රී ලංකාවේ ජාතික පුවත් රැසකට විශේෂාංග ලිපි රචකයකු වූ ඔහු “නිහඬ නොවූ සාක්ෂි” නමින් වූ ග්‍රන්ථ මාලාවක කතුවරයා වේ.

“තෙවැනි ඇස” නමැති රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාව රචනයෙන් අධීක්ෂණයෙන් සහ ඊට රංගනයෙන්ද ඔහු දායක වී ඇත. ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සඟරා සහ පොත් රාශියකට පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු එවැනි සඟරා කිහිපයක කතෘ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. පසුගියදා ඔහු ජාතික පර්යේෂණ සභාව මගින් පිරිනමන ජාතික පර්යේෂණ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

හෙතෙම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලීයාව, ජපානය, ස්විට්සර්ලන්තය, තුර්කිය යන රටවල නීති/අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා සමීපව සම්බන්ධ වී කටයුතු කර ඇත. අන්තර් ජාතික අධිකරණ

වෛද්‍ය විද්‍යා සම්මන්ත්‍රණ සඳහා ඔහු ඉදිරිපත් කළ දේශන ජාත්‍යන්තර සම්මානවලට පාත්‍රවී ඇත. දැනට ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ලෙසත්,

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ සහ දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි.

 

#MaranayaMaranaPareekshanayaSahaLiyapadinchiya #SarathchandraKodikara #SinhalaPoth #OnlineBooks

Weight 0.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මරණය මරණ පරීක්ෂණය සහ ලියාපදිංචිය”

Your email address will not be published. Required fields are marked *