,

විචිත්‍ර දේශනා

රු590.00

  • Author : පරවාහැර චන්දරතන හිමි
  • Publisher: Buddhistcc Publishers
  • Second Batch 2009
  • ISBN 955-8129-42-9
  • 138 Pages

Availability: 1 in stock

Author : පරවාහැර චන්දරතන හිමි

Publisher: Buddhistcc Publishers

Second Batch 2009

ISBN 955-8129-42-9

138 Pages

 

මා මේ ඈත රටකට ඇවිල්ලා අපේ සිංහල බෞද්ධ පිරිසකට බණ ටිකක් සිංහල භාෂාවෙන් කියන්න ලැබීම මට ලැබුණු මහා භාග්‍යයක් කියලා මං කල්පනා කරනවා. මා මාතෘකාව කොට ගත්තෙ කාවිසිනුත් දැනගත යුතු වැදගත් දෙයක්.

මනුස්ස කියන වචනය අපේ පාලි අට්ඨකථා තෝරලා තියෙන විදියට මං බණ ටිකක් කියන්නම්. මනස්ස උසසන්නත්ථා මනුස්සා. මොකද මේකෙ තේරුම? හිතේ උසසන්නවීම අනුව මනුෂ්‍ය කියලා කියනවා. මනුෂ්‍ය ශබ්දය සංස්කෘත වචනයක්. ඒ සංස්කෘත පඬිවරුන් තෝරන්නෙ වෙනම ක්‍රමයකට

නමුත් පාලි ලොත පතෙහි මනුස්ස ශබ්දය ඔය විදිහට තෝරලා තියෙන්නෙ. ඒ අනුවයි අපේ මේ විස්තරය. මනස කියන්නෙ හිතට. හිතේ උස්සන්නවීමෙයි කියන්නේ හිතේ නැඟීම. හිතේ නැඟීම නිසා කෙනෙකුට මනුෂ්‍ය කියලා කියනවා.

නැගුණු හිතක් තියෙන එක්කෙනා කියන තේරුමෙන්. නැගුණු හිතක් කියන්නේ වැඩිච්ච දියුනු වෙච්ච හිතක් ඇති එක්කෙනා. ඉතිං දියුූණුවෙච්ච වැඩුණාවූ හිතක් ඇති එක්කෙනාටයි නියම මනුෂ්‍යයාය කියන්නෙ. මනුස්ස වූ අප හැමදෙනාම දැනගන්න ඕන මේ කාරණය. ඇයි එයාට මනුස්ස කියන්නෙ? මනුස්ස ගති ඔහු තුළ තියෙනවද? මනුස්ස නමට තමා යෝග්‍යද? නැද්ද? කියන එක අපි දැනගන්න ඕන. ඒ නිසා මේ මනුස්ස කියන එක තේරුම් ගැනීම බොහෝම වැදගත්.

 

#VichithraDeshana #ParavaharaChandarathanaHimi #SinhalaPoth #OnlineBooks

 

WhatsApp us