ලේ කඳුළු මැදින් ආ සියවසක ගමන

රු950.00

  • Author: සුදත් රත්නායක
  • Publisher: Wasana Publishers
  • First Edition 2017
  • ISBN 978-955-29-0684-8
  • 575 Pages  

Availability: 1 in stock

Category:

Author: සුදත් රත්නායක

Publisher: Wasana Publishers

First Edition 2017

ISBN 978-955-29-0684-8

575 Pages  

1947 සිට මහජන කැමැත්තෙන් රටේ පාලකයින් තෝරා ගැනීමේ ක්‍රමය ආරම්භ වූ දා පටන් දශක දෙකකට වැඩි කාලයක් ඡන්දයෙන් බිහි වූ දේශපාලනඥයින්ගේ මූලික අරමුණ වූයේ , ඒ වන විටත් විවිධාකාරයෙන් බෙදී සිටින ජනතාවත් , රටත් නගා සිටුවීමය . ඔවුන් ඒ සඳහා තම දැනුම , ශ්‍රමය පමණක් නොව ධනය ද වැය කළ නමුදු එම දේශපාලන ශ්‍රේෂ්ඨයින්ගේ නික්ම යෑමෙන් පසු අපට දක්නට ලැබෙන්නේ දේශපාලනය තම ධනෝපායන මාර්ගය නැතහොත් ව්‍යාපාරය බවට පත් කර ගන්නා පිරිසක් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන අන්දමය . 

 

හැත්තෑව දශකයේ සිට ඇරඹෙන මෙම අවස්ථාවාදී දේශපාලනය , ධනෝපායන මාර්ගයක් බවට පත් කර ගත් අය බහුතරයක් බලය ගත් තැන් පටන් අපට දක්නට ලැබෙනුයේ බලයේ සිටින ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන තීරණ ජනතාවට , එසේත් නැත්නම් රටට හිතකර හෝ අහිතකර සියලු ක්‍රියාමාර්ගයන් විපක්ෂය නිර්දය ලෙස හෙළා දැකීමය . ඇතැම් අවස්ථාවල රජයට එරෙහිව ජනතාව ප්‍රකෝප කරවමින් තමන්ට බලය ලබා ගැනීමට උත්සාහ දරන විපක්ෂයක් සහ තමන්ගේ අත්තනෝමතික තීන්දු තීරණවලට එරෙහි වන විපක්ෂය කෙසේ හෝ හීලෑ කරන්නට , මර්දනය කරන්නට උත්සාහ කරන පාලකයින්ය . 

 

අප සමගම නිදහස ලබා ගත් අනෙකුත් රටවල් වේගයෙන් ඉදිරියට යන විට අප රට ඉබි ගමනින් දියුණුව කරා යන්නේ ඒ නිසාම පමණක් නොවේ . මෙරට වෙසෙන සුළු ජාතීන් විසින් සිදු කළ සහ සිදු කරනු ලබන විවිධ ඉල්ලීම් ද ඊට හේතු විය . සැම විටම මෙරට ප්‍රධාන ජාතිය වූ සිංහල ජාතියත් , බුදු දහමත් ගැන කිසිදු තැකීමක් නොකර ජාතිවාදී ලෙස බරපතළ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පවතින රජයන් අපහසුතාවට පත් කිරීම අතීතයේ සිටම දැකිය හැකිය . නිදසුනක් ලෙස ගත් කල තිස් වසරක් පුරාවට පැවති උතුරේ බෙදුම්වාදී යුද්ධය එයින් එකක් පමණි .  මහජන කැමැත්තෙන් බලයට ආ බහුතරයක් තමන්ට රිසි සේ බලය පාවිච්චි කරමින් , මහජන මුදල් නාස්ති කරමින් , ගසාකමින් , විරුද්ධවාදීන් මර්දනය කරමින් , තමන් ඇතුළු තමන්ගේ පරපුර පෝෂණය කර ගනිමින් මේ යන ගමන කවදා නවතී ද ? 1971 සහ 1988 දී සිදු වූ ලෙසින් ඡන්දය වෙනුවට උණ්ඩය තෝරා ගන්නා තරුණ පිරිසක් නැවත බිහි වෙයි ද ? “ලේ කඳුළු මැදින් ආ සියවසක ගමන ” මෙවැනි තොරතුරු පෙළගැස්වීමක් වන්නේය .

#LeKanduluMadinASiyawasakaGamana #SudathRaththnayake  #SinhalaPoth #OnlineBooks 

 

Weight 1.026 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලේ කඳුළු මැදින් ආ සියවසක ගමන”

Your email address will not be published. Required fields are marked *