,

රැක ගන්න. දැන ගන්න. ඡංගම ගිණුම. ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා

රු200.00

  • Author – එම්.බී. ඡිනදාස
  • Publisher – Godage Publishers
  • Second Edition 2018
  • ISBN 978-955-30-7187-3
  • 80 Pages

Availability: 1 in stock

Author – එම්.බී. ඡිනදාස

Publisher – Godage Publishers

Second Edition 2018

ISBN 978-955-30-7187-3

80 Pages

 

සාර්ථක ව්‍යාපාරයකට පදනම විශ්වාසය යි. ව්‍යාපාරිකයකු සතු ජංගම ගිණුම විශ්වාසයේ කැඩපතකි. සාර්ථකත්වයට පා තැබූ සෑම ව්‍යාපාරිකයකුගෙන්ම අතීත වගතුග සොයා බැලීමේ දී ප්‍රකට වන ප්‍රධානම සාධකය ඔහු සතු අවංක බව හා විශ්වාසනීය බවයි.

ජංගම ගිණුමක් පවත්වාගෙන යෑමට ඉඩහසර ලබා දෙන්නේ බැංකුව අදාළ ව්‍යාපාරිකයා ගැන ඇති විශ්වාසය නිසාය. ඔහු ලියන හැම චෙක්පතක්ම අවංකභාවයේ සහ විශ්වාසනීයත්වයේ සංකේතයක් විය යුතුය. ජංගම ගිණුම සාර්ථකව පවත්වා ගනිමින් අවංකව ගනුදෙනු කරන්නා ව්‍යාපාර ක්ෂේත්‍රයේ හිණි පෙතට නගි..

පරිණත බැංකු කළමනාකරුවකු වන එම්. ඩබ්. ජිනදාස සූරීන් මෙවර ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් සහ තරුණ බැංකුකරුවන් උදෙසා කදිම අත්පොතක් ඉදිරිපත් කරයි.”රැක ගන්න දැන ගන්න- ජංගම ගිණුම – ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා” නමැති මෙම ග්‍රන්ථය නවක ව්‍යවසායකයන්ට හස්තසාර අමිල ග්‍රන්ථයකි.

ජංගම ගිණුම ගැන සියලු අක් මුල් කියා දෙන මෙම ග්‍රන්ථය හෙළ බසින් පළවන මේ ආකාරයේ පළමු පොත වන අතර, නවක බැංකුකරුවන්ට ද මාගෝපදේශකයකි.

මූල්‍ය කළමනාකරණය හා බැංකුකරණය පිළිබඳ ලියවුණු මෙබඳු සිංහල පතපොත දුලබය. එමෙන්ම ඒවා කියවිම, පරිශීලනය අති අසීරුය, නීරසය. හරියට තිත්ත කසායක් බොනවා වැනිය. එහෙත් මේ පොත එදිනෙදා සිද්ධි පාදක කරගෙන, සරල ළගන්නා සුලු, කතාකරන බසින් ලිවීම, කතුවරයාගේ නිසර්ග හැකියාවකි.

සිය ඉසිඹු දිවියේ අරුත මැනවින් වටහාගෙන මානවයන්ට ප්‍රඥාවේ ආලෝකය බෙදා දෙන එම්. ඩබ්. ජිනදාස මහතාට මෙවන් මහරු ඵලදායක පුස්තක රැසක් දැයට දායාද කරන්නට අවැසි සියලු සුවබල හැකියා ලැබේවායි ප්‍රාර්ථනය කරන්නේ සෙනෙහසිනි.

ගාමිණි කුමාර විතාන, ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ ලේඛක හා දේශක, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් දකුණු පළාත

 

#JangamaGinum #MBJinadasa #SinhalaPoth #OnlineBooks

Weight 0.118 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රැක ගන්න. දැන ගන්න. ඡංගම ගිණුම. ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා”

Your email address will not be published. Required fields are marked *