, ,

තාරකා විද්‍යා ඔලිම්පියාඩ් පෙරහුරුව

රු450.00

  • Author: ජූඩ් විජයංග විජේසේකර
  • Publisher: S & T Group
  • First Edition 2017
  • ISBN 978-955-1080- 24-2
  • 152 Pages

Out of stock

Author: ජූඩ් විජයංග විජේසේකර

Publisher: S & T Group

First Edition 2017

ISBN 978-955-1080- 24-2

152 Pages

 

ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වන ජූඩ් විජයංග විජේසේකර තම මාවතට මුල් පියවර තබනුයේ කඳානේ ද මැසනොද් විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයට එක්වීමෙනි. එහි සභාපතිධූරය හොබවමින් ඔහු තම පාසල අන්තර් විද්‍යලයීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලි වලින් ජයග්‍රහණය කරා යොමු කරයි. 2011 වසරේදී පෝලන්තයේ පැවති අන්තර් ජාතික ඔලිම්පියාඩ්  තරඟාවලියට සහභාගි වන්නේ විශ්ව විද්‍යාල මට්ටමෙන් පැවැත්වු තරගාවලි කිහිපයකින්ද ශූරතාවය ලබා ගන්නා අතරතුරය.

 

2015 වසරේදී ඉන්දුනීසියාවේ පැවැති ආසියානු පැසිෆික් කලාපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් මෙහෙයවූ 22 වන සම්මන්ත්‍රණය හා 2වන වැඩමුළුව සඳහා ලංකාව නියෝජනය කිරීමට ඔහුටද අවස්ථාවක් හිමිවිය. ග්‍රහක හා පෘථීවියට සමීප වස්තූන් සෙවීමේ ව්‍යාපෘතියට දායකත්වය සපයන ඔහු අයත් කණ්ඩායම විසින් පෘථීවියට ආසන්න වස්තුවක් වු 20150B28 හඳුනා ගැනේ. එසේම සූර්ය ගිනිදළු ආශ්‍රිතව පර්යේෂණයකද මොහු නිරත වේ.

 

අන්තර් ජාතික තාරකා විද්‍යා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලාංකික සිසුන් පුහුණු කිරීමේ යෙදෙන විජයංග ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකම ආරාධිත තාරකා විද්‍යා දේශයකු ලෙසින් කටයුතු කරයි. ඔහු මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකේය සිසුන් උනන්දු කිරීමට හා ඔවුන්ව ඒ සඳහා සූදානම් කිරීමටය. ඒ සම්බන්ධව ඔහු සතු දැනුම හා අත්දැකීම් මෙම ග්‍රන්ථය මනාව පෝෂණය කොට ඇත්තේය.

 

#TharakaVidyaOlimpiyadPerahuruva #JudeWijayangaWijesekara #TharakaVidyava #SinhalaPoth #SinhalaBooks

Weight 0.195 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තාරකා විද්‍යා ඔලිම්පියාඩ් පෙරහුරුව”

Your email address will not be published. Required fields are marked *