,

පූජාවලිය

රු2,000.00

  • Author : මයුරපාද පරිවෙණාධිපති බුදධපුත්‍ර සථවිරයන් වහන්සේ 
  • Publisher : Buddhist Cultural Center
  • Third Batch 2019
  • ISBN 955-9219-43-X
  • 808 Pages

Out of stock

Author : මයුරපාද පරිවෙණාධිපති බුදධපුත්‍ර සථවිරයන් වහන්සේ 

Publisher : Buddhist Cultural Center

Third Batch 2019

ISBN 955-9219-43-X

808 Pages

පූජාවලිය ලෝකාර්ථචර්යාවට හේතුකාරක වූ හෙයින් එදා පටන් අද වන තුරුත් ජන සම්භාවනාවෙන් අගතැන්පත් පොදු බෞද්ධ ජනතාවගේ හෙළ බණ පොතක් බවට පත්ව ඇත. 13වන සියවසේ දී දේව ප්‍රතිරාජ අගමැතිතුමන්ගේ ආරාධනයෙන් එතුමන් විසින් සිය නමින් තනවා පිදූ ආරාමයෙහි වැඩවෙසෙමින් මයුරපාද පරිවෙණාධිපති බුදධපුත්‍ර තෙරණුවන් විසින් පූජාවලී නම් ධර්ම ව්‍යාඛ්‍යානය නිමවා එතුමන්ට ම දෙන ලදී. එදා වූ සිද්ධිය පූජාවලියෙහි මෙසේ සඳහන් වෙයි.

එකල රජු පවා මේ පූජාවලිය දැක දෙවන රජයක් ලැබුවා සේ උදාර වූ සන්තෝෂයෙන් පිනාගොස්, දෙ පෝයක් මුළුල්ලෙහි අනික් රාජ්‍ය ක්‍රියාවෙක නොයෙදී, සිත් එකඟව අසා, බුදුන්ගේ අපරිමිත ගුණයෙහි පැහැදී, රාජ්‍යයෙන් පුදාපියන තරම් උදාර වූ සන්තෝෂයෙක යෙදී, ග්‍රන්ථය ලක්දිව නොඑක් ප්‍රඥාවන්ත ජනයන්ට පා, බිසවූන් ලවා මඟුලැතු පිට තබවා, සේසත් නගා නුවර නොඑක් පූජායෙන් උත්සව කරවා බොහෝ කලක් ඇසූ ඇසූවන් ශ්‍රද්ධාවන්තයන් මෙහි ආදර කරන සේ බුදුන්ගේ ද තමන්ගේ ද මේ කීර්තිය ශරීරය ස්ථාවරකොට නොඑක් බහුමාන සත්කාර කළහ. 

අද ද ජන සමාජයෙහි සාරධර්ම වර්ධනයෙහි උනන්දුවක් දක්වන්නවූන් විසින් සාරධර්ම පරිහානිය ගැන කථා කරමින් නොනැවතී, මෙවැනි රාජජූජිත සාරග්‍රන්ථයන්හි අගය ජනතාව අතරට ගෙන යා යුතුය. පන්සලේ බණ මඩුවෙහි සැදැහැති උපාසක උපාසිකාවන් අතින් කිසිදිනෙක බැහැර නොවී ජීවමානව පවත්නා පූජාවලී ග්‍රන්ථය වැනි සම්භාව්‍ය සිංහල ග්‍රන්ථ ඇතා පිටින් පෙරහරින් ජනතාව අතරට ගෙන ගියොත් එය ජනතාවගේ සෙත සඳහා ම වනු ඇත.

කීර්ති නාරම්පනාව                                                                                                                                                                                                        බී.ඒ. විශේෂ (විද්‍යාලංකාර)                                                                                                                                                                           ඇම්.ඒ. (ලක්නව්) රාජකීය පණ්ඩිත 

#Poojawaliya #MayurapadaPariwenadipathiBuddhaPuthraSathawirayanWahanse #Sinhalapoth #BawuddaGrantha

WhatsApp us