,

පුරාතන ලංකාවේ රැකීරක්ෂා

රු150.00

  • Author – උඩුගම මොහාන් නන්දන නානායක්කාර
  • Publisher – S.Godage saha Sahodarayo
  • First Edition 2015
  • ISBN 978-955-30-6117-1
  • 56 Pages

Out of stock

Author – උඩුගම මොහාන් නන්දන නානායක්කාර

Publisher – S.Godage saha Sahodarayo

First Edition 2015

ISBN 978-955-30-6117-1

56 Pages

 

ගාල්ල – උඩුගම මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් රුහුණු විශ්වවිද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය දෙවන පන්තිය ඉහළ ශ්‍රේණියේ සාමාර්ථයක් සහිතව සමත්ව 2008 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (M.A) උපාධියත්, 2011 වර්ෂයේදී දර්ශනපති (Mphil) පර්යේෂණ උපාධියත් දිනාගත් ප්‍රවීණ කලා කරුවෙකි. ලේඛකයෙකි. කලා ඉතිහාසය, චිත්‍ර කලාව, සාහිත්‍ය, බුදු දහම සම්බන්ධව අගනා ග්‍රන්ථ රැසක් සමාජයට දායාද කොටදී ඇති මෙතුමා “ස්වර්ණකලා ප්‍රදීප” යන ගෞරව නාමයෙන් 2007 වර්ෂයෙහි පිදුම් ලබා ඇත. එසේම 2013 වර්ෂයේදී “සාහිත්‍ය කීර්ති” නම් වූ ජනාධිපති සම්මානය ද එතුමාට ප්‍රදානය කොට ඇත්තේ මෙරට කලාවට හා සාහිත්‍යයට ඉටුකළ අමරණීය සේවාවට උපහාර වශයෙන්ය.

එතුමා විසින් ලියා ඇති “පුරාතන ලංකාවේ රැකීරක්ෂා” නම් වූ ශාස්ත්‍රීය ග්‍රන්ථය තුළින් ඉපැරණි ලංකාවේ පැවති රැකීරක්ෂාවන්වල ස්වභාවය මෙන්ම එකල සමාජයේ එම වෘත්තීන්ට හිමිව තිබූ තත්ත්වයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. පැරණි ලාංකේය ඉතිහාසය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද මෙමගින් මහගු ප්‍රයෝජනයක් ගත හැකි යැයි මම විශ්වාස කරමි. එබැවින් මෙම ග්‍රන්ථය පුස්ථකාල සඳහා ද ඉතා සුදුසුය.

අනාගතයේදී ද කතුවරයා අතින් මෙවැනි වැදගත් පොතපත බිහිවේවායි ඉත සිතින් හා සොම්නසින් යුක්තව ප්‍රාර්ථනා කරමි.

ශාස්ත්‍රවේදී සුගත් වීරසිංහ, විදුහල්පති, ගා/මලාමුර කනිෂ්ඨ විද්‍යාලය, මාපලගම, ගාල්ල.

 

#PurathanaLankaweRakeeraksha #UdugamaMohanNandanaNanayakkara #SinhalaPoth #OnlineBooks

Weight 0.106 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාතන ලංකාවේ රැකීරක්ෂා”

Your email address will not be published. Required fields are marked *