Author – පියසේන කහඳගමගේ
Publisher – Visidunu Publishers
Second Batch 2016
ISBN 978-955-0955-62-6
142 Pages
“ජනතාව ගේ ව්‍යවහාර භාෂාව හෙවත් කටවහර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බව ජනවහර අධ්‍යයනයේ යෙදෙන විට පෙනීයයි. දකුණු පළාතේ කතාබහ උඩරට අයට අමුතුවට දැනෙයි. අනුරාධපුර ගැමියන් ගේ කතාබහ බස්නාහිර පළාතට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. මේ ආකාරයෙන් එකකින් එකක් වෙන් කර හඳුනාගත හැකි ප්‍රාදේශික ව්‍යවහාර රාශියක් අප රටේ දැකිය හැකි ය. භූගෝලීය සාධක, පාරිසරික විශේෂතා, යැපුම් මාර්ග හා නිෂ්පාදන ක්‍රම, ඇදහිලි හා විශ්වාස, සංක්‍රමණික පසුබිම හා සංස්කෘතිය යනාදී හේතුන් නිසා මේ වෙනස්කම් නිර්මාණය වී ඇත.
“මේ කෘතියේ ප්‍රාදේශික ව්‍යාවහාර හා වෘත්තීය ව්‍යවහාර පද අකරාදියට සංග්‍රහ කර ඇති අතර එහි ප්‍රාදේශික ලක්ෂණ හඳුනාගත හැකි සංකේත අක්ෂර වරහන් තුළ යොදා ඇත. ගෝත්‍රික ව්‍යාවහාර දෙකක් වන වැදි වහර හා ගාඩි වහර වෙන ම දක්වා ඇත. .. .
“උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ අවශ්‍යතාව වී ඇත්තේ වචනයකට නිත්‍ය තේරුමක් දෙමින් සහ ඉක්මනින් වචනය සොයාගත හැකි ආකෘතියකින් ලියැවුණු පොතකි. එ වැනි පොතක් සකස් කරන මෙන් බොහෝ ගුරුවරු හා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මගෙන් ඉල්ලා සිටිය හ.
“උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඩ් ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යාවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන ‘වාක්කෝෂය’ සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ.”
“පියසේන කහඳගමගේ මහතා මේ කෘතියෙන් සෘජුවම පාසල් දරු පරපුරේ ඥානාභිවෘද්ධිය සඳහා කැපවීම මේ රට දරුවන් ගේ වාසනාවක් බව නොකිවමනා ය. … සරසවි ඇදුරන් වන අපිදු ඒ තුමා ගේ කෘතිවලින් බොහෝ දෑ උගත්තෙමු.”
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් , සිංහලාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයය.
#PradeshiyaVyavaharaSahithaVaakKoshaya #PiyasenaKahandagamage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.