Author : ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති
Publisher : Sakila Publishers
Sixth Batch 2020
ISBN 978-955-1300-45-6
209 Pages
නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්‍රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ.
මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්‍රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.
විශ්ව නාට්‍ය කලාව ගැන ඉංග්‍රීසියෙන් රචිත ප්‍රශස්ත ග්‍රන්ථ රාශියක් පරිශීලනය කරමින් ඡායාරූප හා චිත්‍ර සටහන් සහිත ව ඉතා සරල හා නිරවුල් ලෙස මෙම විෂය පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන මෙම ග්‍රන්ථයට 1997 වසරේ ශාස්ත්‍රීය (විවිධ විෂය) අංශය වෙනුවෙන් පිරිනැමෙන රාජ්‍ය සම්මානය ද හිමි විය.
#NatyaPraweshaya #RanjithDharmakeerthi #Sinhlapoth
Reviews
There are no reviews yet.