Author: සමන් පුෂ්ප ලියනගේ
Never Love A Stranger (by Harold Robbins) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Fast Publishers
First Edition 2021
ISBN 978-624-204-010-3
361 Pages
මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසට ද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.
#DiviParaduwa #DiwiParaduwa #SamanPushpaLiyanage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.