,

දහනව වැනි සියවසේ බ්‍රිතාන්‍යයන් දුටු ලංකාව

රු650.00

  • Author – ආචාර්ය අනුලා අත්තනායක
  • Publisher – Books Publishing House
  • Second Edition 2021
  • ISBN 978-624-5923-06-9
  • 192 Pages

Availability: 5 in stock

Author – ආචාර්ය අනුලා අත්තනායක

Publisher – Books Publishing House

Second Edition 2021

ISBN 978-624-5923-06-9

192 Pages

 

රොබට් නොක්ස් යනු එක්තරා “ඓතිහාසික කාල වකවානුවක” මෙරට ජීවත් වූ සම්භාවණීය බ්‍රිතාන්‍ය සිරකරුවෙකි. එසේ වුවද මේ කාලය තුළ මෙරට පිළිබඳ තමා ලත් දැනුම ඇසුරෙන් ලංකාව පිළිබඳ ඓතිහාසික විස්තරයක් ලීවීමට ද ඔහු සමත් වූයේය. එමගින් අද දක්වා ඉදිරියට එන ගුරු – කුලයක නියමුවෙකු වීමට තමාට හැකිවේ යැයි නොක්ස්  එදා නොසිතන්නට ඇත. එසේම ලාංකීය ජන-වහරේ පවා නොක්ස්ට හිමිව ඇති ස්ථානය මෙතරම් අමරණීය වේ යැයි ද නොක්ස් නොසිතන්නට ඇත.

එහිදී මඬ සෝදාගත් ගොවියා රජකමටද සුදුසු බවත්, සිරුර කිස නිමැවීමෙන් පසු සෝදා පිරිසිදුවෙන බැවින් ලාංකිකයා වඩාත් උසස් බවත්, දේශීයයාගේ ගෙවත්ත බෙහෙත් උයනක් බව හා ඒ බව දන්නේ දේශීය වෛද්‍යයවරයා පමණක් බවත් අප විෂයයයෙහි නොක්ස් දැක් වූ මෙන් ම ප්‍රචලිත වූ ද අදහස් කීපයකි. නමුදු අප නොදන්නා තවත් බොහෝ දේ නොක්ස් මෙන්ම පසුකාලීන බ්‍රිතාන්‍යයන් ද අප ගැන කියා තිබේ. ඒවා එතැන් සිට ඉතිහාසය පුරා දිවේ. ඒ ඉතිහාසය ශ්‍රී ලාංකිකයා අවබෝධ කර ගත යුතුව ඇත. ඉතිහාසය වක්‍රාකාර මගක ගමන් නොගන්නේ වී නමුදු යළි-යළිත් සිදුවෙන ඓතිහාසික සිදුවීම් අබියස ඒ අවබෝධයේ වැදගත්කම ඉහළ යයි.

භෞමික පාරාදීසය වශයෙන් ආසියාව කෙරෙහි ලොල්වීමත් එසේ වුවද ජනතාව “මිලේච්ඡයින්” ලෙස දැකීමත් දහනවවෙනි සියවස මුල් කාලයේ පොදු යුරෝපීය ලක්ෂණයක් වූයේය. එහිදී “මිලේඡයෙක් යැයි කියනුයේ ශිෂ්ට සම්පන්නවීමට ඉතා යෝග්‍ය පුද්ගලයෙකි” යනු එකල බ්‍රිතාන්‍ය සාහිත්‍යයේ පවා ප්‍රචලිත වූ කියමනකි. ශ්‍රී ලංකාව විෂයයයෙහි එකී බ්‍රිතාන්‍යය-ආකල්පයන්ගේ බලපෑම විමසා බැලීමට මේ ග්‍රන්ථයෙන් ප්‍රයත්න දරා ඇත.

 

#DahanawaWaniSiyavaseBrithanyayanDutuLankawa #AnulaAththanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.230 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දහනව වැනි සියවසේ බ්‍රිතාන්‍යයන් දුටු ලංකාව”

Your email address will not be published. Required fields are marked *