, , , ,

තීන්ත නදිය

රු1,900.00

Author : සමන් කළුආරච්චි

River Of Ink ( by Paul M.M Cooper ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

Third Edition 2022

ISBN 978-955-656-486-0

482  Pages

Availability: 1 in stock

Author : සමන් කළුආරච්චි

River Of Ink ( by Paul M.M Cooper ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

Third Edition 2022

ISBN 978-955-656-486-0

482  Pages

 

දහතුන් වැනි සියවසේ පොළොන්නරුවේ පරාක්‍රම රජතුමන්ගේ රාජකීය කවියා ලෙසින් අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි.එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කිරීමත් සමගම ඔහුගේ ජීවිතය ඉරණම් සහගත වෙනසකට ලක් වන්නේය.අතිශය සැහැසි දරුණු පාලකයෙකු වුවද මාඝ කවියට ඇළුම් කලේය.ඒහෙයින් ඔහු සංස්කෘත කාව්‍යක් දෙමළ බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය.මේ පරිවර්තන කාලයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය.එහෙත් පසුව හිතාමතාම ඒ් වෙනස්කම් සිදුවන්නේ ජීවිතය හා මරණය අතර ඉරණම් සහගත ත්‍රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි.එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය.මේ අතරේ අසංක රජ මැදුරේ සේවය කරන දෙමළ සේවිකාවකට ආදරය කරන්නේය.එය තවත් මහා වියවුල් රැසක ඇරඹුමක් වන්නේය.

සිංහල, දෙමළ සහ සංස්කෘත යන භාෂා සාහිත්‍ය කලාවන් එක් කර ගනිමින්, ලාංකීය සංස්කෘතිය සහ ඉතිහාසය යන මේ සෑම අංශයක්ම කැටි කොට ප්‍රේමය, ත්‍රාසය, භීතිය හා කුතුහලය එක සේ ඉස්මතු කරමින් මේසා රසවත්ව, මේසා විශිෂ්ටව සහ මේසා මහත් වූ කම්පනයක් ඇති කරමින් ලියැවුණු වෙනත් එ‌ෙතිහාසික නවකතාවක් මෑත කාලයේදී සිංහල සාහිත්‍යයේ බිහි නොවූ තරම්ය.බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ River Of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට ලක් වූ කෘතියකි.කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකීය ඉතිහාසයේ එක්තරා අදුරු යුගයක් මුළු මහත් ලෝකයාටම නිරාවරණය කළ ඒ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය.  

 

#TheenthaNadiya #ThinthaNadiya #SamanKaluarachchi #SinhalaPoth #OnlineBooks 

 

WhatsApp us