,

තවලම

රු550.00

  • Author: රංජිත් බටුවන
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2019
  • ISBN 978-955-697-312-9
  • 279 Pages

Out of stock

Author: රංජිත් බටුවන

Publisher: Ashirwada Publishers

First Edition 2019

ISBN 978-955-697-312-9

279 Pages

 

මෙම කතාවට පසුබිම වන්නේ එක්දහස් නවසිය හැත්තෑ එකේ කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි. සිද්ධීන් වලට අදාල සමාජ පරිසරය කාගේත් මතකයෙන් බැහැරව ඇති හෙයින් එය පුනරාලෝකය කිරීමෙන් කිසියම් සාහිත්‍යමය රසයක් නිෂ්පන්න වේ යැයි මම සිතමි.

රජයකට එරෙහිව වරින්වර ඇතිවන කැරලි කෝලාහල කුමන අන්දමකට මර්දනය කළත් එයින් ඇතිවන අතුරු ප්‍රතිඵල ඉතිහාසයට එක් වන්නේ නැති තරම්ය. කැරැල්ල අසාර්ථක වන බව වේලාසනින් වටහාගත් ඇතැමෙක් රහසිගතව රටින් පලා ගියහ. සමහරෙක් එතෙර ස්ථිර ලෙස පදිංචියට ගියහ. සමහරු එතෙර උසස් අධ්‍යාපනය  ලබා නැවත මෙරටට පැමිණ විප්ලවකාරී අදහස් සිතෙහි සඟවාගෙන හෝ සිතින් බැහැර කර පවතින සමාජය සමඟ අනුගත වී නිහඬ ජීවිතයක් ගත කරන බව අපට පෙනී යයි.

අගතීන්ට එරෙහිව තරුණ පරම්පරාව කරනු ලබන ප්‍රචණ්ඩකාරී අරගල අසාර්ථක වන තරමටම බලයෙන් ශක්තිමත් වන දේශපාලනඥයින් අසීමිත ලෙස මුදල් ඉපයීමට දරන උත්සාහයන් රට ප්‍රපාතයට හෙළන්න හේතුවී තිබේ. හැමදාම අසහනයට පත්වන්නේ අසරණ මිනිසාම වන අතර ඔවුන්ට කාගේවත් පිළිසරණක් ලැබෙන්නේ නැත. තවලම එවැනි මිනිසුන්ගේ දුක්බර වෘත්තාන්තය වේ.

#Thavalama #RanjithBatuwana #SinhalaPoth #OnlineBooks

 

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තවලම”

Your email address will not be published. Required fields are marked *