, , ,

තවමත් හමුනොවු සාධාරණය සොයා පොලිස් කූඩු ,හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා

රු950.00

  • Author – නීතිඥ කලයානන්ද තිරාණගම
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2258-2
  • 950 Pages

Out of stock

Author – නීතිඥ කලයානන්ද තිරාණගම

Publisher – Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2258-2

950 Pages

 

පීඩිත පන්ති අරගලයේ කථාවක්

පීඩිත පන්තිය හා ධනපතීන් අතර ගැටුම ලොව සදාතනික ගැටුමක් වන අතර සිය අයිතිවාසිකම් කොටසක් උඳුරා ගැනීම සඳහා ධෛර්යමත් දුගි පිරිස් විසින් කරන ලද සටන් වලින් ඉතිහාසය පිරී ඇත. සමහරක් සාර්ථකව ඇති අතර බොහොමයක් බේදවාචකවලින් අවසන්ව ඇත. එහෙත් පීඩිත ජනතාව සිය අරගලය නැවැත්වීමේ සූදානමක් ද නැත. එය පීඩිත පන්තියේ විමුක්තිය පතන අප වැනි පක්‍ෂවල සදා අභිවාදනයට පාත්‍රව තිබේ.

එවන් ධෛර්යමත් කථාවක් කියන කල්‍යානන්ද තිරාණගම පීඩිත පන්තියේ සාමාන්‍ය පවුලක ඉපිද සමාජයේ නොයෙක් තාඩන පීඩනයට ලක්වෙමින් ඉන් පන්නරය ලබා එම විෂම සමාජය වෙනස් කිරීමට තැත්කරමින් හැදී වැඩුණු අයෙකි. ඔහුගේ පියා ද එවන් පීඩනයට ලක්වන අතර ඔහු ද ඉන් අසරණ භාවයට පත්වන්නේ පවුලේ බර පවා සිය කරමතට ගනිමිනි. එහෙත් සිය අරගලය අත් නොහරින හෙතෙම විටෙක සිය ඉරණම ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් තිබියදී වුවද පන්ති සගයන් පාවා නොදීමට තරම් ශක්තිමත් ආත්ම විශ්වාසයකින් යුතු වෙයි.

ඇතැම් අභියෝග ජයගෙන ඉදිරියට පැමිණ ඇති මෙවක වුවද තිරාණගමගේ පීඩිත ජනතාවාදී මතවාදය අදත් ඉතා මුවහත් ය. සමාජයේ විවිධ ක්‍රියාකාරකම් ගැන ඔහු අවදියෙන් සිටින අතර අවස්ථාව ලද සෑමවිටම සිය සටන දියත් කරන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය. ඔහු වෙනම වරිගයේ නීතිඥවරයෙකි. සිය අනුග්‍රාහකයා කෙරෙහි මහත් ලැදියාවෙන් ඉතා අවංකව සෑම ආධාරයක්ම කිරීමට ඔහු නොපැකිලව ඉදිරිපත් වෙයි. එවන් මානව හිතවාදියකු බිහිවීමට පසුබිම් වූ හේතූන් ලෙස මෙහි විස්තරවන පීඩිතයකුව සිටියදී ලද තාඩන පීඩන දුක් කරදර නිසා ලද පන්නරයත් ඔහුගේ මානව හිතවාදී ගුණයන් හේතුවී ඇති අයුරු අපට දැකගත හැකි ය.

කල්‍යානන්ද තිරාණගමගේ මෙම කෘතියේ විස්තර වන අධිපතියන්ගේ කෘරත්වය ද එයට එරෙහි ඔහුගේ අරගලයේ සටනද උත්සාහයන් පරාජයන් හා ජයග්‍රහණවලින් පිරි අත්දැකීම්ද නොපසුබස්නා ධෛරයයද සමාජයට මහත් සේ ප්‍රයෝජනවත් වන්නේ අනාගතයේ සටනට බසින එවන් පීඩිත පන්ති ජනතාවගේ ආවාදයට එය හේතුවන බැවිනි.

මහාචාර්ය තිස්ස විතාරණ , ලංකා සමසමාජ පක්‍ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී

 

#ThawamathHamuNovuSadharanayaSoya #KalayanandaThiranagama #SinhalaPoth #OnlineBooks

Weight 0.622 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තවමත් හමුනොවු සාධාරණය සොයා පොලිස් කූඩු ,හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා”

Your email address will not be published. Required fields are marked *