, , ,

ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

රු500.00

  • Author: සුදත් මාන්නප්පෙරුම
  • Publisher: Muses Books
  • ISBN 978-955-3727-53-4
  • 217 Pages

Out of stock

Author: සුදත් මාන්නප්පෙරුම

Publisher: Muses Books

ISBN 978-955-3727-53-4

217 Pages

 

අංකය පටන් ගත්තේ බිංදුවකිනි.  ඉලක්කමක මුලට බිංඳුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. ‘හැට පන්දාස් හයසිය විසි අට’  එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. ‘හය ලක්ෂ හයදාස් දෙසීය…’

‘හෝව්… හෝව්….’ තැපැල් නෝනා ටිකිරිගේ සාර්ථක උත්සාහයට බාධා කළාය.  ‘නොම්මරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි…’

‘බින්දුවයි හයයි පහයි හයයි දෙකයි අටයි පහයි….’ ඒ නම් ඇල් වතුර බොනවා වගේ වැඩකි. තැපැල් නෝනා අංකය කරකවා දුරකථනයට මොනවාද ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය.

‘ හලෝ….’ ටිකිරි උස් හඩින් කීවේය.

‘හෙලෝ…’ අමුතුම හීන් කටහඩක් සවන වැකිණි.

‘කැන් අයි ස්පීක් ටු සුපිරි බණ්ඩා?’ මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය.

හීන් හඬින් ඇසුනත් හූ හඬ, හූ හඬකි. ටිකිරිගේ මනස තැපැල් කාර්යාලයෙන් මිදි මල්මීවැව මුකලානට ඉගිළුණේ විදුලි වේගයෙනි. හූ හඬ නගන්නේ ආපදාවකට ලක් වූවෙකි. එයට පිළිතුරු දෙන්න දෙවරක් සිතන්නේ නැත.

‘ හූ…..!’  ටිකිරිගේ හූ හඬින් තැපැල් කන්තෝරුව දෙදරුම් කෑවේය.

#TikiriBnadaSahaSupiriBanda #SudathMannapperuma #SinhalaPoth #OnlineBooks

Weight 0.294 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා”

Your email address will not be published. Required fields are marked *