,

කුඩා ව්‍යාපාර සදහා උපායක්‍රමික කළමනාකරණය

රු250.00

  • Author – ආචාර්ය බී. නිශාන්ත
  • Publisher – Godage Publishers
  • First Edition 2019
  • ISBN 978-955-30-9767-5
  • 112 Pages

Availability: 3 in stock

Author – ආචාර්ය බී. නිශාන්ත

Publisher – Godage Publishers

First Edition 2019

ISBN 978-955-30-9767-5

112 Pages

 

උපායක්‍රමික කළමනාකරණය සහ ව්‍යවසායකත්වය පිළිබඳ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙන්ම විවිධාකාර ආයතනයන්වල පශ්චාත් උපාධි, උපාධි සහ අනෙකුත් පාඨමාලාවන්හි වසර 15ක පමණ ඉගැන්වීමෙන් ලද පරිචයත් සහ විවිධ ආයතනවල උපායක්‍රමික සැලසුම් සැකසීමෙන් මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතිවිශාල ප්‍රමාණයක් ඇසුරු කිරීමෙන් ලබා ගත් අත්දැකීම්වලට අනුව මාගේ සහෘද ආචාර්ය නිශාන්ත විසින් රචනා කළ මෙම කුඩාව්‍යාපාර සඳහා උපායක්‍රමික කළමනාකරණය ග්‍රන්ථයෙහි ඇති කාලීන වැදගත්කම ඉතා ඉහළ තලයක ඇති බව පවසමි.

කතුවරයා ඔහුගේ දිර්ඝ කාලීන ඉගැන්වීමේ පළපුරුද්ද, ඔහු විසින් ජපානයේ ආචාර්ය උපාධිය හැදෑරිමෙන් උකහා ගත් දැනුම හා අත්දැකීම් මෙම ව්‍යවසායකයින් ඇසුරු කොට ලබා ගත් පරිචයත් මෙන්ම ග්‍රන්ථයෙහි මැනවන් සංකලනය කොට ඇත. එසේම දේශීය ව්‍යවසායකයින් බල ගැන්වීම්, කර්තව්‍යයේදි අත්‍යවශ්‍ය වන උපායක්‍රමික කළම‍ානාකරණ දැනුම පරිපූර්ණව මෙන්ම සංක්ෂිප්තව ඔවුන්ට දැනෙන ලෙස සරලව සිංහල භාෂාවෙන් මෙම ග්‍රන්ථයෙහි පෙළ ගස්වා ඇති ආකාරය ප්‍රශංසනීය වේ. මෙවැනි ග්‍රන්ථයක් සිංහල භාෂාවෙන් රචනා කිරිමේදි මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳ මනා අවබෝධයක් ඇත්තෙකු ලෙස ආචාර්ය නිශාන්තගේ ප්‍රයාමය විශිෂ්ට බව පැවසිය යුතුය. එසේම ප්‍රායෝගික සිද්ධීන් විෂය කරුණු මැනවින් ඉදිරිපත් කර ඇති අයුරුද අගය කරමි.

උපායක්‍රමික කළමනාකරණය සහ ව්‍යවසායකත්වය යන අධ්‍යයන, ක්ෂේත්‍රයෙහි සිංහල භාෂාවෙන් අල්ප ලෙස ලියැවුණු ප්‍රමාණයක ග්‍රන්ථ නිසා වූ රික්තකය පියවීමට ගත් ප්‍රයත්නය නැවතත් ඉතා ඉහළින් අගයකරන අතරම ආචාර්ය නිශාන්තයන්ගේ මෙවර මෙන්ම අනාගත ග්‍රන්ථකරණ කටයුතුවල සාර්ථකත්වයට හෘදයාංගමව සුබ පතමි.

රුක්මල් නිශාන්ත වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

#KudaVyaparaSandahaUpayakramikaKalamanakaranaya #BNishantha #SinhalaPoth #OnlineBooks

Weight 0.164 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුඩා ව්‍යාපාර සදහා උපායක්‍රමික කළමනාකරණය”

Your email address will not be published. Required fields are marked *